Final Chapter 🐺

Start from the beginning
                                    

ටේ ජීහූ දිහා බලන් හිටියේ කියාගන්න බැරි තරම් අසරණ වෙලා..තමන් කවුරු වුනත් තමන්ගේ පොඩි හරි වැරැද්දකින් තමන්ගේ දරුවගේ ජීවිතේට අණතුරක් වෙනබව ටේ දැනන් හිටියා...

" උබලට මගේ වේදනාවා තේරෙන් නෑ යකෝ.....මගේ කෙල්ල මට නැති වුනේ..."

" උබ ඔහොම කලා කියලා ශින් රා ආයේ අපි ගාවට එන් නෑ ජේකේ..."

" අරා.... ඒත් ශින් රා ගේ මරණෙට සාධාරණයක් කරන්න මට ඕනේ... මට මේ දේවල් වලින් වැඩක් නැහෑ... මට දැන් පැක් එකත් නැහෑ... මට දැන් ඕනේ මේ දේවල් ඉක්මනින් ඉවරයක් කරන්න.. ඒ නිසා අරූට එන්න කියපන්..."

" ඇයි ඇයි උබට මං කියන දේ තේරුම් ගන්න බැරි...."

" හරි එහෙනම් උබට ඌව ගෙන්වන්න බැරිනම් මං උබේ කෙල්ලවත් ඉවරයක් කරන්නම්... එතකොට හරි උබට මගේ වේදනාව තේරෙයි... "

ජේකේ කිව්වේ ශියා දිහා කෑදර බැල්මකින් බලන ගමන්... ඒ බැල්මේ තිබුනේ වෛරයෙන් ගිනිගන්න ලේ පිපාසයක් විතරයි.. ජේකේගේ අතට හිර වෙලා හිටියා පුංචි ජීහූව සෝෆා එකට දාලා ශියාගේ බෙල්ලෙන් අල්ලන් ජේකේ  ඉදන් හිටිය තැනින් නැගිට්ටා...

" ජේකේ මගෙ කෙල්ලව අත ඇරපන්...😠😠😠 "

ජිහූ සෝෆා එකේ ඇස් පොඩි කර කර අඩනවා.. ටේ පුලුවන් තරම් ඉක්මනින් ජිහූ ලගට ගිහින් කෙල්ලව වඩා ගන්න ගමන් ජේකේට කෑගැහුවත් ජේකේ ශියාව තමන්ගේ ඉස්සරහට අරන් බෙල්ලෙන් හිර කරගෙන හිනා වෙන ගමන් පස්සෙන් පස්සට ගියා....

අඩියක්...

දෙකක්....

ජේකේ ශියාව අතටම හිර කරගෙන පස්සට ගියේ තමන්ගේ අතින් බේරෙන්න දගලන කෙල්ලව තව තව හිරකර ගන්න ගමන්...

" ටේ.... 😭 "

" ශී...යා.... ජේකේ මේ විකාරේ නවත්තපන් යකෝ නැත්නම් උබටමයි විදවන්න වෙන්නේ..."

" මට තව විදවන්න දෙයක් නැහෑ යකෝ...."

ටේගේ වගේම ජේකේගේ වියරු වැටෙන කෑගැහිල්ලෙන් මුලු ගේම දෝංකාර දෙන්න ගත්තේ ලොකු විනාශෙක පෙර නිමිති කියන්න වගේ..... විනාඩි කිහිපයක් දෙදෙනාගෙම බහින්බස් වීම් වලින් , ගෙරවීම් වලින් මුලු පරිසරයම වෙලා ගද්දී  සුලු මොහොතකට තැති ගැහුණේ දෙදෙනාටම දැනුන ඉව නිසයි....

BLIND LOVE ❤️ [ Completed ]Where stories live. Discover now