15th Chapter 🐺

1K 263 54
                                    

Still Tae Pov..

පහුවදා මං හොටෙල් එකට යනවා වෙනුවට ශියාවත් එක්කන්ම ඔම්මාව හම්බෙන්න ගියා..මට ඕනේ මේ හැමදේටම ඔම්මට ස්තූතී කරන්න... එයා ජිමින්ව එදා බේර නොගත්තනම් මගේ ජීවිතේට ශියා කියලා කෙනෙක් නොයෙන්න තිබ්බා...හැමදේම වුනේ වෙන්න තිබ්බ විදිහට... ඉරණම වුනත් මිනිස්සුන්ට වගේම මිනිස්සු නොවන අපිටත් තීරණය වෙන්නේ එකම විදිහට.. දිග පළල මැනලා අඩුවෙන් වැඩියෙන් ඒ ඒ අයට ඒ ඒ විදිහට දෙනවනම් අද මේ ජීවිත මේ වගේ වෙනස් නොවෙන්න තිබ්බා...

හොස්පිට්ල් එක ලගින් බැහැලා ඇතුලට යද්දී මං ශියාගේ අතින් අල්ල ගත්තට පස්සේ කෙල්ල ඊටත් වඩා හයියෙන් මගේ අතින් අල්ල ගත්තා...

වාහනේ එනකම්ම ශියා මට එයාගේ ජීවිතේ එයා වින්ද දුක, එයාගේ පැක් එකේ අය ශියාව කොන් කල විදිහ ,කන්න නොදී හිර කරන් හිටිය හැටි මේ වගේ එක එක දේවල් කිව්වා.. මට එවලෙම උන්ව ඉවරයක් කරන්න තරම් කේන්තියක් ආවත් ශියා කිව්වේ එහෙම නොවුනම් අද එයට මාව ලැබෙන් නෑ කියලා.... ඔව් ඒ දේ හරි.. එහෙම නොවුනනම් ශියාව පැක් එකෙන් එලවන්නෙත් නෑ.. මේ වගේ ජොබ් එකක් හොයන් ශියා මගේ ලගටම එන්නෙත් නැහෑ... ශියාගේ කතාවෙන් මට එයා ගැන තිබ්බ ආදරේ තවත් වැඩි වුනා... ශියා කතා නොකරන්නේ එයා ඒ කාලේ ඉදන් කා එක්කවත් කතා කරලා හුරු නැති නිසා කියලා මට තේරුණේ අද.. ඒ වගෙම ශියා මෙහෙම බයෙන් ඉන්නෙත් එයා වෘකයෙක් වෙන්න ගත්තට පස්සේ කියලත් මට තේරුණා.. මොකද ශියා පළවෙනියටම ජොබ් එකට ආව දවසේ එයාමයි මාත් එක්ක කතා කලේ... ඒ මදිවට මට හිනා වෙලා මිස්ට ලී එක්ක ගිය හැටි මට තවමත් මතකයි..ඒත් ඒ හැසිරීම ශියාගෙන් ටික ටික ඈත් වුනා..

ඒ හැමදේම ශියා මට කිව්වට පස්සේ එයා මගෙන් ලොකු සෙනෙහසක් බලාපොරොත්තු වෙනවා කියලා මට තේරුණා... මට ඕනේ ශියාට නොලැබුන ඒ සෙනෙහස , ආදරේ අඩුවක් නැතුව දෙන්න...

කෙල්ල මගේ අතේ එල්ලිලා ආවේ හරියට පොඩි ළමයෙක් වගේ.. මට ඒකට හිනා යන්න ආවත් මට දැන් ශියාව අපහසුතාවෙකට පත් කරන්න ඕනේ වුනේ නැහෑ...

" බයද ?"

" අනී.. අපි මේ කොහෙද යන්නේ ?"

" ආඅ ඒකද... අපේ ඔම්මාව හම්බෙන්න ...."

BLIND LOVE ❤️ [ Completed ]Unde poveștirile trăiesc. Descoperă acum