12th Chapter 🐺

956 266 129
                                    

වාහනේ ස්ටාර්ට් කරන් මං එතනින් යන්න හදද්දීම මට ගේ ඇතුලෙන් ඇහුන ශියාගේ කෑගැහිල්ලත් එක්ක මට දැනුනේ මගේ මුලු ඇගම රත් වෙනවා වගේ... එයාට කරදරයක්ද ?... ඒ එක්කම මට දැනුන ඉවත් එක්ක මගේ හිතේ තිබ්බ කලබලේ තව තවත් වැඩි වෙද්දී ශීට් බෙල්ට් එකත් ඇදලා දාලා පුලුවන් උපරිම වේගෙන් ගේ ඇතුලට ගියා.....

" ( වෘකයෙක් .... ඔව් වෘකයෙක් .... ) "

මට ඒ එක්කම මතක් වුනේ ජීහූව... ජීහූට කරදරක්... ජේකේ එයාගේ වැඩේ පටන් අරන්ද ?....... අනී ජේකේට එහෙම කරන්න දෙන්න බෑ.. ජිමින් එක්ක තියෙන තරහා ජේකේ මගේ දරුවගෙන් ගන්නනම් හදන්නේ අද ජේකේ මගේ අතින් මැරුම් කෑවත් ඒ ගැන මං පසුතැවෙන් නැති වෙයි....

පුලුවන් ඉක්මනටම ගේ ඇතුලට දුවගෙන ගිය මාව බයටම වෙව්ලනවා වගේ දැනුනා... මොකද ඇත්තටම මේ ජේකේනම් ඌ ඉවසීමක් තියෙන කෙනෙක් නෙවේ කියලා මං හොදටම දන්නවා....

" ජීහූයාඅ.......නෝ ඔදීයා... ශියා... කතා කරනවා... "

" ටේ.....ටේශී...... "

ශියා පළවෙනි පාරට මට නමින් කතා කලා... කෙල්ලගේ කටහඩ බයටම වෙව්ලනවා වගේ මට දැනුනා... කටහඩ ආවේ ශියාගේ රූම් එක පැත්තෙන්... පුලුවන් තරම් ඉක්මනට රූම් එක ලගට ගියත් මගේ කකුල් මොහොතකට රුම් එක ලගදි නතර වුනා...

" රාස්පුටින්.... ආයිෂ්... මූගේ ඉව.....ටේ උබට මේක පුලුවන් 😑... අහ් වෙලාවත් ලං වෙලා.. 12 වෙන්න තව විනාඩි 10යි. "

ඔරලෝසුවෙන් ආයේ වෙලාවත් බලලා ඕන දෙයක් වුනදෙන් කියලා මං රූම් එකේ දොර ඇරන් ඇතුලට ගියා.. මොකද මේ වෙලාවේ මං හාවෙක් ගැන හිතනවට වඩා මගේ දරුවා ගැන හිතන්න ඕනේ...
.
.
.
.
.
.
.
.

රූම් එකේ දොර ඇරන් ගිය ගමන් මාව එතනම නැවතුනේ මං බලාපොරොත්තු වුන විදිහේ කිසි දෙයක් එතන වෙලා තිබ්බේ නෑ කියලා දැක්කමයි.. ඒත් ශියා හිටියේ කාමරේ වෙන පැත්තක් බලාගෙන බය වෙලා වගේ බිත්තියට හේත්තු වෙලා...

" ශි...යා...."

මං හිමීට ශියාගේ නම කොදුරන ගමන්ම ශියා බලන් ඉන්න පැත්ත හිමීට බැලුවේ හිතේ තිගැස්සමත් එක්කමයි.....ඒත් වෙලා තිබ්බේ මං හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්.....
.
.
.
.
.
.
.
.
.

BLIND LOVE ❤️ [ Completed ]Where stories live. Discover now