11th Chapter 🐺

910 266 75
                                    


Time Passed ....🍃🍃🍃🍃🍃🍃

Tae Pov..

කාලය හරි ඉක්මනින් ගෙවිලා ගියේ කිසි හැලහොල්මනක් නැතුව.. හරියට ලොකු කුණාටුවක් ලග එන්න වගේ... මාස දෙකක් ගෙවිලා ගියා.. මේ මාස ගානට වුනේ ජිමින් මං එක්ක පැටලුන එක ඇරිණු කොට යුන්හී ජිමින් එක්ක පැටලුන එක විතරයි ...ජිම්න් ආයේ ආව එක බිස්නස් ෆීල්ඩ් එකේ හරි ඉක්මනට පැතිරිලා ගිය නිසා මේ  ප්‍රශ්නේ විසද ගන්න මං ඔම්මා ලගට ගියා.. එයා එදා දවසේ ඩොක්ටර් නම්ජූන් එක්ක ජිමින්ව බේර ගත්ත විදිහ වගේම ජිමින් ඇමරිකා ගිය එකත් මට පැහැදිලි කරලා දුන්නා... මං ඒ හැමදේම බොහොම සාමදානව අහන් හිටියත් මට ජිමින් එක්ක තරහක් ආවා.. මොකද ඌට මට ඒ ගැන කියන්න තිබ්බා. පොඩි කාලේ ඉදන් ඌ එක්ක හිටියේ මං.. ඇයි මටවත් ඒ ගැන නොකීවේ.  එහෙම වුනානම් මේ ප්‍රශ්න මෙච්චර දුරදිග යන් නෑ...

ජිමින් මේ වෙනකොට ඒ දේවල් යුන්හීට කියලා තිබ්බා.. ඒත් යුන්හි ඉස්සර වගේ ජිමින් ගැන වද වුනේ නැහෑ...  යුන්හීට ජිමින්ව මැරි කරන්න සිද්ද වුනත් එයා ඒකට අකමැත්තෙන් වගේ හිටියේ.. ඒ ඇයි කියන්න මං දන් නෑ.. හැබැයි යුන්හී මං ශියා එක්ක ඉද්දි මගේ මූණවත් බැලුවේ නැහෑ... මටත් ඒ ගැන හිතන්න උවමනාවක් තිබුනේ නැහෑ... මොකද මං මේ කාලේ ඕනාවටත් වඩා බිසී වුනා.. මගේ කැසිනෝ එක ඕපන් කරන්න ඔක්කොම වැඩ ටික ලෑස්ති වෙලයි තියෙන්නේ.. තව පොඩි පොඩි වැඩ ටිකකට පස්සේ කොලිටි චෙක් කරලා කැසිනෝ එක ඕපන් කරන්න විතරයි තිබ්බේ... වෘකයෙක් අද මුලු බූසන් ටවුන් එකම හොල්ලන්න යන්නේ...😄 ටිකක් අමුතු වුනත් ඒකෙත් පොඩි ගතියක් තිබ්බා... කොහොම හරි අද වැඩ ටික ඉවර කරලා හෙට ඕපනින් එක දාගෙන තිබ්බා...

හිත ඇතුලෙන් මොකද්දෝ අමුතු නොසන්සුන් කමක් දැනුනත් එන ඕනම දේකට මූණ දෙන්න බලන් දා ගත්ත වැඩ පස්සට දාන්න මට ඕනේ වුනේ නැහෑ....

ජිමින් දැන් නිතරම ගෙදරට යනවා එනවා.. ජීහූ ජිමින් ගැන නොදන්නවා වුනත් එයාට ජිමින් එයාගේ හොදම යාලුවා වගේ ... මං කිව්ව නිසාම ජිමින් ජීහූට ඇත්ත නොකියා ඉන්නවා කියන්නේ හරි පුදුම දෙයක්.. මොකද ජිමින් කියන්නේ හිතුවක්කාරයෙක්.. තව කෙනෙක් කියන දෙයක් අහන්න අකමැති කෙනෙක්... තමන්ගේ හිතුමනාපෙට වැඩ කරන කෙනෙක්.. එහෙම වෙලත් එයා ජිහූට ඇයි ඇත්ත නොකියන්නේ ?.. එයාට එයාගේ දරුවා ගැන හැහීමක් නැත්ද ?... ඒත් ජිමින් හැම වෙලේම ඉන්නේ ජීහූ එක්ක..මටනම් මේ වැම්පයර් කියන ජාතිය තේරුම් ගන්න බෑ... හරියට නිකන් කටුස්සෝ වගේ.. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා.... කොහොමත් ඕකුන්ට හිතක් පපුවක් නෑනේ 😑...

BLIND LOVE ❤️ [ Completed ]Where stories live. Discover now