♡ යුන්ගිගෙ ඔමේගා..?

Start from the beginning
                                    

දැන් මූණට මූණ බලන් හිටියේ සේ-ජින් එක්ක හදිසියේම ආපු අමුත්තා විතරයි..

' මොකද තමුන් මෙහෙ කරන්නෙ..'

සේ-ජින් මුලින් කතා කරා..

සේ-ජින් ඉස්සර හිටගෙන හිටියේ තරුණියක්.. බොහොම සුන්දර තරුණ ඔමෙගාවෙක්.. තද කළු කෙස් වැටිය ඉණ වෙනකම් දිගට ඝනව වැඩිලා තිබුණා වගේම උඩ මලක් එල්ලෙන කොන්ඩ කටුවකින් කොන්ඩෙ රඳවලා තිබුණා.. දෙපැත්තට වැටෙන කොන්ඩ කෑලි ඒ දීප්තිමත් ඇස් වල ගැටෙනකොට හුඟක් ලස්සනයි.. ඒ තියුණු බැල්මක් තියෙන ඇස් වලින් සේ-ජින් ට එල්ල වෙලා තිබුණේ තරහව දුක පිරුණු හැගිම් ගොඩක්.. බැලූ බැල්මට තද ගති තියන ඔමේගාවෙක්..

' මගෙන් ද අහන්නෙ සේ-ජින් තමුන්.. හහ්.. තමුන් මහ පහත් ජරාවක්.. තමුන් හිතන් ඉන්නෙ මම තමුන් හතර වටේ ඉන්න ඔමේගලා එක්ක නටන විකාර දකින්නෙ නෑ කියල ද..?'

' මේ අහගන්නව සකුරා.. මට දැන් තමුන් එක්ක කිසිම සම්බන්දයක් නෑ.. එහෙව් එකේ මොකටද මන් ගැන හොයන්නේ..අනික අපි අතරේ තිබුණු දේවල් අපි ඉවර කරලා දැන් හුඟක් කල්.. '

' තමුන් ඉවරයි කියලා හිතන් ඉන්නෙ මොනවද සේ-ජින්.. හැමදේම තමුන් නිසා.. කියනව දැන් මම කොහොමද ගෙදරට, ගමට මූණ දෙන්නෙ කියලා.. '

' මොනවද සකුරා තමුන් කියවන්නේ.. කාලෙ කන්නෙ නැතුව යනව යන්න.. තමුන් වගේ උද්ධච්ච ඔමේගාවෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියන්නත් මට ලැජ්ජයි.. '

' මම මුල ඉඳන් දැනගෙන හිටියා.. මමයි මෝඩ වුණේ තමුන් වගේ පහත් ඇල්ෆාවෙක් විශ්වාස කරන්න තරම්.. '

' සකුරා.. තමුන්ට එහෙම කියන්න බෑ.. මම තමුන්ට ඇත්තටම ආදරේ කරා.. තමන්ම තමයි හැමදේම නැති කර ගත්තෙ.. '

' සේ-ජින්.. '

' ම්ම්ම්..කියන්න.. ? '

ඒ දෙන්නා අතර ටික වෙලාවක නිහඬතාවයක් තිබුණා.. සකුරගෙ ඇස් සේ-ජින් දිහාම දිගටම එල්ල වෙලා තියද්දී සේ-ජින් ට අපහසුතාවක් දැනුන නිසා සේ-ජින් වෙන පැත්තකට අවධානය යොමු කරා..

' සේ-ජින්.. මට - මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.. '

සකුරා ලොකු හුස්මක් ගන්න ගමන් කිව්වා.. ඒක කියන්න ලේසි වුණත් සේ-ජින් ගෙ නිල් ඇස් ලොකු වුණේ කියන දේ අදහ ගන්න බැරුව..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now