♡ එයා යාලුවෙක්...

Start from the beginning
                                    

' යුන්ගි.. මට ඔයාව හුඟක් මතක් වුණා..'

හොබී ඇඟිලි තුඩු වලින් ඉස්සිලා යුන්ගි ගෙ තොල් සිප ගෙන යුන්ගි ගෙ අතක‍ එල්ලුනා.. යුන්ගි ට හිනා ත‍් එක්කන් හොබී ගෙ හුරතල් වැඩ දැකල..

' ඔහ්.. මටත් මගේ ඔමේගා හුඟක් මතක් වුණා..'

හොබී එක්කන් යුන්ගි ගෙදර ඇතුලට යන ගමන් කතා කරා..

' ඔයා පිරිසිදු වෙලා එන්නකො මම ඇදුමක් ගෙනැත් දෙන්නම්..'

යුන්ගි 'හා' කියන්න වගේ ඔලුව නවලා පිටිපස්සේ දොර ඇරගෙන දිය පාර පැත්තට ගියා..

උඩු ඇඳුම් උනා දාලා යුන්ගි වතුරට ගිහින් ඉද්දි නිකන්ම මහන්සිය හේදිලා යනවා වගේ දැනුනෙ.. ටිකකින් හොබී යුන්ගි ගෙ නිදන ඇදුමක් අතේ ගුලි කරන් ඇවිත් ගලක් උඩින් ඉඳ ගත්තා..

' යුන්ගි අද හුඟක් වැඩ තිබුණද..?'

හොබී කතා කරන්න මුල පිරුවා..

' ම්ම්.. ඔව් මගේ ඔමේගා.. ඔයා මොකද අද දවසෙම කරේ..'

' ඉන්නකො ඔයාට පස්සෙ කියන්නම් මම..' 'අනේ ඇති ඔය, ඉක්මනට එන්නකො යුන්ගි මට--

' බඩගිනියි.. ඕක නේ කියන්න ගියේ.. අපෝ මොකද ඔච්චර කන්නෙ දැන්.. එන්න එන්න මහත් වෙලා අලයක් වෙලා ඉදී තව ටික දවසකින්.. '

යුන්ගි හොබී කියන්න ගිය එක සම්පූර්ණ කරලා විහිලුත් කරනවා.. හොබී ඇස් දෙකත් කරකලා අහක බලා ගත්තෙ තරහින්.. යුන්ගි ඒකටත් හිනා වෙනවා..

' මමනෙ අලයක් වෙන්නෙ.. ඔයාට මොකද..? පිස්සු මෝඩ විකාර ඇල්ෆා.. ඔයා නිකන් හොල්මනක් වගේ දන්නවද..? '

' එහෙමද රෝස මල.. ඉතින් ඔයා හොල්මනට ආදරෙයිනේ..'

' විකාර..'

යුන්ගි වතුර ටිකක් අතට අරන් හොබී ගෙ මූණට ඉහලා හොබී ගෙ අතේ තිබුණු ඇඳුම අරගත්තා..

' ඔයා මහ නරකයි.. හහ්.. '

යුන්ගි ඇදුම් මාරු කරන දිහා රතු වෙලා බලන් ඉන්න හොබී අහක බලාගෙන කිව්වා..

' ඔය රතු වෙලාද.. හහ්.. දැකල නැති--

' අනේ මම යනවා හහ්...'

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now