♡ සේ-ජින් ගෙ ගෙදර...

Start from the beginning
                                    

හොබී හැන්බොක් කොණක් ලාවට අත් ඇඟිලි අතර රඳවන් තණ කොළ වල තියන පිනි වලට ඇදුම් වාටිය නොතෙමෙන්න පරිස්සමින් අඩි තියන ගමන් සේ-ජින් ඉන්න පැත්තට ආවා.. සේ-ජින් තමන්ව දැක්ක නිසා හොබී අවාන තිබුණු අත උස්සලා සේ-ජින් ට සන් කරා..

සේ-ජින් හිටියේ වෙන ලෝකෙක.. හොබී දැක්ක පමණින් සේ-ජින් ගෙ නිල් පාට ඇස් ලස්සනට දිලිසෙන්න ගත්තා.. හරිම ආදරෙන්.. බලාපොරොත්තුවෙන්..

කොහොමහරි අන්තිමට හොබී සේ-ජින් ඉස්සරහ හිට ගෙන හිටියා..

' සුබ උදෑසනක් සේ-ජින්..'

හොබී සේ-ජින් ගෙ නිල් පාට ඇස් දිහා බලන් කතා කරා..

' ජී-හු සුබ උදෑසනක්.. මට හිතාගන්න බෑ අද දකින ඔයාමද හෙට දකින්නෙ කියලා..'

සේ-ජින් හොබී ගෙ අතක් සිප ගන්න ගමන් කතා කරා..

(meanwhile readers : 🔪 (o_o)

' ඒ - ඒ මොකද සේ-ජින්..?'

' නෑ ඔයා දවසින් දවස ලස්සනයි..'

' හරිනම් මම ඕන ඒක ඔයාට කියන්න.. ඔයා නම් ඇත්තටම කඩවසම්.. ඔය පාට හුඟක් ලස්සනයි.. නැත්නම් හැමදාම අර කළු පාට ලොකු ලෝගුව අස්සෙ නේ ඉන්නෙ.. '

හොබී හිනාවෙන ගමන් කතා කරා..

' ස්තූතියි ස්තූතියි.. අපි යමු නේද..? '

සේ-ජින් හොබී ගෙ අතක් අරගෙන තමන්ගෙ අතක‍ පටල ගත්තා..

' ම්ම්.. හරි.. '

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

සේ-ජින් කඳුවැටියට එහා පැත්තෙ තිබුණු තමන්ගේ රංචුව හිටිය පැත්තට හොබී එක්ක ගියා.. ඇත්තටම සේ-ජින් කලින් කියලා තිබුණා වගේ ඒ පැත්තත් හරිම ලස්සනයි..

ලා ඉර එළිය මූණට වැටෙන නිසා හොබී අවාන දිග ඇරලා මූණට ඉහලින් අල්ලද්දී සේ-ජින් හොබී ගෙ මේ වැඩ දිහා ඇස් කොනේන් හරි ආසාවෙන් බලන් හිටියා..

' අපෝ සේ-ජින් මෙච්චර දුරද..?මට හිතාගන්න බෑ ඔයා හැමදාම උදේ කොහොම ගමට එනවද කියල..'

සේ-ජින් ගෙ අතක‍ එල්ලිලා යන හොබී කකුල් රිදෙන නිසා එක පාර නැවතුනත‍් සේ-ජින් දන්නෙ නැතුව හොබී ගෙ අතක් අල්ලන් අඩියක් ඉස්සරහට තිබ්බ නිසා හොබී වැටෙන්න ගියා.. සේ-ජින් ඊට කලින් හොබී ව තද කරලා බදාගෙන වැටෙන්න නොදී අල්ලා ගත්තා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now