මම කිව්වා "i'm from korea.can u speak in korean?"කියලා

    එපාර ඒ girl කොරියන් වලින් මැසේජ් කලා. එයා මගෙ නම මොකක්ද ඇහුවා. මම කිව්වා මම bts kim seokjin කියලා. ඒ girl ගේ react එක උනේ මෙච්චරයි'😂😂'එයාගෙ නම සෙහා කියලා එයා කිව්වා.
එපාර මම එයාට call එකක් ගත්තා.

සෙහා's pov

     මාත් එක්ක ඉන්න අනිත් යාලුවෝ කවුරුත් දැන ගෙන හිටියේ නෑ මම wevers එකේ ඉන්නවා කියලවත් මම bts ලට එච්චර කැමතියි කියලවත්. ඇත්තටම කිව්වොත් අනිත් හය දෙනා කෙසේ වෙතත් කිම් සොක්ජින් කියන්නෙනම් මගේ ජීවිතෙ මම පලවෙනි පාරට මම ඇත්තටම ආදරෙ කරපු කෙනා. මට මීට කලින් affairs දෙක තුනක් තිබ්බා ඒත් ඒවා වැඩි කාලයක් තිබුන ඒවා නෙමෙ. හශීලානම් කියන්නෙ මම මෝඩ විදියට හැසිරෙන නිසාලු මට හරියට කොල්ලෙක් නැත්තෙ.😂ඒත් උන්ටත් කොල්ලො නෑ. මම bts ලා ගැන jin ගැන දැනගන්න කලින් මගේ හිතට ආදරේ කියලා කියන්නෙ නිකන්ම නිකන් අකුරු ටිකක් විතරයි. ඒත් මම jin ගේ epypany song එක අහපු දවසෙ ඉදන් එයාට හිතින් ආදරෙ කරන්න පටන් ගත්තා.😳 දෙයියනෙ මට මේ මොකක්ද උනේ... වැඩේ කියන්නෙ ඒ වෙන කොට හශියත් ජින්ට පිස්සු වැටිලා හිටියේ. එයා ජින් ගැන පිස්සුවෙන් වගේ කියවන කොට මට මාර ඉරිසියාවක් දැනුනේ.ඒත් මට හැමදේටම වඩා මගේ සහෝදරියක් වගේ ඉන්න යාලුවව වටින නිසා මම ඒවා ගනන් ගන්නෙ නැතුව හිටියා. ඉතින් මම wevers එකෙ නිතරම වගේ post upload කරන්න පටන් ගත්තා.ඒකත් ජින්ව ටැග් කරලා. ඒ අස්සෙ හශීයත් හරි හරියට post upload කරනවා. 😐 දවසක් මට insta වලින් jinjin කියලා කේනෙක් msg දාලා තිබ්බා. එයා කිව්වා එයා bts kimseokjin කියලා😂 මටනම් තනියම හිනා. එපාර එයා එක පාරටම වීඩියො කෝල් එකක් ගත්තා😳

     my god.....😳 එ එ එයා ජින්ම තමයි.මට මුකුත් කියාගන්න බැරි උනා. මම ගල් ගැහිලා වගේ එයා දිහා බලන් හිටියේ..

මේ විදියට පටන් අරන් දවසක් එයා කිව්වා එයා මට ආදරේ කරනවා 🥰 ලගදිම දවසක ලංකාවට ඇවිත් මාව බලලා යනවා කියලා. මටනම් හිතාගන්නවත් බෑ මේ උනු දේවල්😳🥺🥳.  මේ දවස් වලදී තමා හශී competition එකට යන්න පටන් ගත්තෙ. මම ම තමයි එයාගෙ singing video එකක් එක්ක එයාගෙ නමින් apply කලේ.   දවසක් එයා wevers එකේ දාලා තිබ්බා එයාට competition එකට wish කරන්න කියලා. මම ඒ වෙනකොටත් මගේ යාලුවෝ ගැන ජින්ට කියලා තිබුනේ ඉතින් මම එදා ජින්ට කිව්වා මගේ යාලුවා හශී competition එකකට යනවා. එයා wevers එකේ post එකක් දාලා ඇති එයාට wish කරන්න කියලා🥳.  එදා නම් හශීට මාරම happy. ඒත් මට පස්සෙ හිතුනා මම ඒ කරපු ගොන් වැඩේ නිසා දවසක හශීගේ හිත ගොඩක් රිදේවි කියලා.🥺 මගේ ගොන්කමට කවී ගී ලියවුනා මදී😒.  ඒත් කොහොම උනත් හශී එච්චර  සීරියස් කෙනෙක් නෙමෙ. එයාට ජින්ට උනත් පිස්සු වැටිලා හිටියට ඒක නිකම් ආකර්ශනයක් විතරයි කියලා මට තේරුනා. ඉතින් මේ විදියට හශීගේ වැඩවලටත් උදව් කරන ගමන් ජින් එක්ක මල් කඩ කඩ කාලෙ නිකන්ම ගෙවිලා ගියා. 

   Jin's pov

      සෙහාගේ යාලුවා මුලු ලෝකෙම ජනප්‍රිය තරුවක් උනා.ඉතින් ඒකත් එක්ක අපිට එයා එක්ක වැඩ කරන්න චාන්ස් එකක් ආවා. මටනම් මාර හැපී ඒක ඇහුවම 🥰🥳. ඒ මොකද කිව්වොත් හශීත් එක්ක මගේ සෙහා මැනිකත් අනිවාර්යයෙන් එනවා කියලා මම දන්න නිසා. යා...හ් ජින් ඔයාට සෙහා එක්ක දිගටම ඉන්න චාන්ස් එක හම්බවෙන්න යන්නෙ...හුරෙ.....මම සෙහාගෙ පොටෝ එක අතට අරන පිස්සෙක් වගේ තනියම කියවන්න පටන් ගත්තා. 

ජිනුයි සෙහායි දෙන්නත් එක්ක මේ හැම දෙයක්ම හශීට කිව්වා. Bts ලගෙ අනිත් අයත් හිතන් හිටියේ ජින් කැමති හශීට කියලා🌝.

හෙලිදරව්ව අවසන්
 
කිසි සද්දයක් නැතුව ඔක්කොම අහන් උන්නු හශී මුකුත්ම නොකියා කාමරෙන් එලියට ආවේ හිස් හැගීමක් එක්ක. වෙලාව රෑ 12ත් පහුයි ඒ වෙන කොට. හශී නැවතිලා හිටපු හොටෙල් එකේ බඩු වගයක් දාලා ආවා කියලා කාර් එකත් අරන් තනියමම එලියට බැස්සා.



𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now