11th Chapter 🐺

Start from the beginning
                                    

Pov End...

ටේ කැසිනෝ එකේ ඉතුරු වැඩ ටිකත් බලන්න හිතන් උදෙන්ම ලෑස්ති වෙලා පහළට යද්දිත් හැමදාම වගේ ජිමිනුත් ඇවිත් හිටියා.. ටේ තවමත් ජිමින් එක්ක හරියට කතා කරන් නෑ...ටේ ජිම්න්ට මොනවත් නොකියා හිටියේ යුන්හී නිසා.... ජිමින්ව දකින හැම වෙලේම ටේට කේන්ති ආවත් ඒ කේන්තිය එයා නිවා ගත්තේ මොනවා හරි ජිමින්ට කියලා එයාව අවුස්සලා..

" පහළට එනකොටම පුස් ගදක් එන්නෙ ඇයි කියලා බැලුවා ... බැලින්නම් අදත් ඇවිත්නේ.. 😒 "

ටේ අහක බලන්ම සක්කු දෙකට අත් දෙකත් දාන් හිමීට කිචන් එක පැත්තට ඇවිදන් ගියේ ජීහූ එක්ක සෙල්ලම් කර කර ඉන්න ජිමින්ට හිමීට ඇගට පතට නිදැනෙන්න හින්ට් එකකුත් ගහගෙන..ටේ කිව්ව දේ ඇහුනා විතරයි ජිමින්ගේ මූණ දෙක වුනත් ඒ ක්ෂණිකව ආයේ මූණට කපටි හිනාවක් අර ගත්තේ ටේවත් අවුස්සන්න හිතන්.

" ජීහූයා... ඔයාලගේ ගෙදර බල්ලෝ ඉන්නවද අනේ 😩..ශිට් බලන්නකෝ මගේ ඇදුමත් ඉවරයි මේ බලු මයිල් වලට.. පුහ්....පුහ්.... අහ්හ්හ් ඔම්මාආආආ.... මැක්කෙක් මැක්කෙක්... ".

" දිමින් මෙහේ කොයිද අලේ බව්වෝ.. හේ..... අබුදී.... උයා බව්වෙක් ගෙනාවද 🙄? "

ජීහුත් ඉතින් ජිමින්ට හරියන්නම කටත් උල් කරන් ටේගෙන් ඒක ඇහුවම ටේට පොළව පලන් යන්න හිතුනා...

" mission success 😌😂 ....  "

" 😑😑😑 "

" හෙන සුනක ගදයි අෆ්ෆා... මේ වෙලාවට තමා හිතෙන්නේ ලොක්කගේ ( ඩ්‍රැකියුලා 🙂) මහාගෙදර ගිහින් කලුවර කාමරෙක පුස් ගද එක්ක හරි පෙට්ටියකට වෙලා ඉන්න... මේ බලු ගදනේ ඉවසන්න අමාරු... 🤢"

" ජිමින් උබ......ආයිෂ්... 😑 "

ජිමින් ඉවරක් නැතුව ටේව අවුස්සද්දි ජිමින්ට හොද එකක් කියන්න හිතන් ටේ කැගහන්න ආවත් ජීහූ බය වෙලා වගේ ටේ දිහා බැලුව නිසා කටත් වහන් ආයේ කිචන් එකට ගියා....

ටේ කිචන් එකට යද්දි ශියා බ්‍රෙස්ක්ෆස්ට් රෙඩි කර කර හිටියේ... යුන්හී තවමත් පහළට ඇවිත් නැති නිසා ශියා තනියම වැඩටික කරගෙන තිබ්බා..

ටේගෙයි ජිමින්ගෙයි මේ ඉවරයක් නැති රණ්ඩු ගැන ශියාට තිබ්බේ කුතුහලයක්.. ජිමින් ගැනවත් මේ පවුලේ මේ වෙනදේ ගැනවත් ශියාට අවබෝධයක් නොතිබ්බත් ඒ ගැන අහන්නවත් ශියාට අයිතියක් නැති නිසා කෙල්ල හැම වෙලේම කලේ ඇස් දෙකත් ලොකු කරන් මේ වෙන දේවල් දිහා බලන් හිටිය එක විතරයි.....

BLIND LOVE ❤️ [ Completed ]Where stories live. Discover now