(දැන් ඉතින් ඔන්න මේක කියවන readers ල මේ ඩබලව කුකීටයි rm ටයි බන්දලා දීලා ලමයිනුත් හදවලා ඉවරයි 😒)

.
.
.
.
.
.
.
.
.
              ඔන්න ඉතින් ඊලග දවසෙ උදෙන්ම කට්ටියත් එක්ක ඇදුම් ලෑස්ති කරනවා. සේහායි සදීයි වෙනම සාකච්චාවක් ඒ අස්සෙ.( මේ ඩබල අනිත් අයට හොරෙන් වෙනම ගේමක් ගහනවා🌚 මගෙන් අහන්න එපා මං දන්නෙත් නෑ තාම🤭)

          " සදී ඔයාලා බඩු ලෑස්ති කර ගත්තාද හෙට උදේම ෆ්ලයිට් එක."

          හශී කෑගහගෙන එද්දි සෙහා පෝන් එක අතේ තියන් කොට කොට හිටියෙ. හශීගෙ කටහඩ ඇහුනු පාර සෙහා ටිකක් කලබල උනා. අතේ තිබ්බ පෝන් එකත් වැට්ටා.😏( අනිවාර්යයෙන් හොරයක් තීනවා පෙන්ස්) කොහොමත් හශීට ඒක කලින් ඉදන් තේරිලා තිබ්බෙ😏.

         ඔන්න ඉතින් ඊලග දවසේ කට්ටියත් එක්ක korea ව බලා යන්න පිටත් උනා.
    
        " හායි හශී මං ඔයා එනකන් බලාගෙනමයි හිටියෙ🥺. ඉතින් මේ දවස එනකන් මං කොච්චර කාලයක් බලන් හිටියද?."

       "අනෙ මගෙ ජින් ඔප්පා. මාත් එහෙමයි මං ඔයාව බලන්න එන්න හිටියෙ මීට අවුරුදු ගානකට කලින් ඉදන්🥰🥺. අන්තිමේදි ඒ දවස ආවා එහෙනම්."

        "මගේ පුංචි කෙල්ල දැන් මුලු ලෝකෙම ජනප්‍රිය ගායිකාවක්."

       "ඔප්පගෙ wish එකේ power එක තමයි ඉතින්.🌝🤭."

          එහෙම කියලා හශී හුරතල් හිනාවක් දැම්මා. ජින් ඒ ඇස් අස්සෙ අතරමං වෙලා. හශී ලගට හිමින් හිමින් ලං උනු ජින් හශීව එයා ගාවට ඇදලා ගත්තෙ මොහොතක්වත් හිතන්නැතුව. හශීගේ ඉන වටේට අත දාලා ජින් හශීට පොඩ්ඩක්වත් හෙලවෙන්න බැරි තරමට තමන්ට ලං කර ගත්තා. එක අතක් හශීගේ රෝස පාට කම්මුල පුරා යවපු ජින් හශීට තව තවත් ලං උනා (අපෝ මට බෑ ලැජ්ජයි😕 මේවා ලියන්න බෑ යකූ) හශීගෙ ඇස් ඉබේම පිය උනා. හශීගේ රෝස පාට සිනිදු තොල් පෙති වලට ජින් එයාගෙ තොල් ලං කලා.😐

              " හශී... හශී... හශියෝ... නැගිටපන් බල්ලො. අපි koreaවට ආවා වරෙන් ප්ලේන් එකෙන් බහින්න😌."

           ශයිනිගෙ ටකරං සද්දෙට හශී ඇහැරුනා. නැගිටලා ඇස් දෙක පොඩි කරන ගමන් වට පිට බලපු හශීට සීන් එක තේරෙන්න ටිකක් වෙලා ගියා (😂හී හී පව් නේත. මේ ඕතරී එක්ක එව්වා ලේසි වෙන්නෑ)

හශී 's pov

        හෑහ් යකූ හීනයක් නේද?😐 කමක් නෑ එහෙමවත් ජින් ඔප්පා මං ලගට ආවානෙ. සැක් අපරාදේ හීනෙන්වත් වැඩේ finish කරගන්න බැරි උනානෙ😒. මුන් එක්ක බෑ මට.

        හී හී කමක් නෑ. ගියාට පස්සෙ ජින් බැරිනම් තව ඉන්නෙ හයක්ම😏. නෑ නෑ එහෙම හිතන්න හොද නෑ. මං මීට වඩා අවංක වෙන්න ඕනි.
හශී's pov end.

            ප්ලේන් එකෙන් බැහැලා කට්ටියත් එක්ක කෙලින්ම ගියේ බුසාන්වල තිබ්බ 5star hotel එකකට. දවස් දෙකක් එහෙ නැවතිලා ඉන්න ගමන් koreaව පුරාම ට්‍රැවල් කලා මේ කෙල්ලො ටික. හැබැයි ඒක ලේසි උනේ නෑ මොකද ගොඩක් මිනිස්සු හශීව අදුරගෙන එයා පස්සෙ වැටුනා. ඉතින් කට්ටියත් එක්ක හොරෙන් හොරෙන් තමයි ඇවිද්දෙ.

            
    

         හී හී හී හශීට කොච්චර තරහක් ඇතිද මේ ඕතරි එක්ක😂

       

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now