Chapter 06

1.1K 334 61
                                    

-" යන්න.... ඔයා යන්න.... නරක කුකී.... කුකී හොඳ නෑ.."

-" මේ අහන්නකෝ... ජන්ග් මී.. කුකී ඔප්පා කලේ නරක වැඩක් තමයි... ඒත් සමාව දෙනවද මට? ම්ම්? "

මම ජන්ග් මීගෙන් අහද්දි ජන්ග් මී කලේ බිම බලන් හිටිය එක විතරයි.. මම එයාව අල්ලන්න යද්දි එයා මගේ අත ගසලා දාලා ඇඳේ තවත් මුල්ලට උනා.. ඒ ඇස් වල කඳුලු පිරිලා..

මම දැන් මොකද්ද කරන්නේ? 😖😖😖 ඇඳ උඩ වාඩි වෙලා මම දෑතින්ම කොන්ඩේ අවුල් කරගත්තේ කරන දෙයක් හිතාගන්න බැරුව..

ආශ් මං වගේ මෝඩයෙක්..😐😐😐  දැන් නම් මෙයා යන්නම යයි 😔😔 මම මොකද්ද කරන්නේ??

මටත් නොදැනිම කඳුලු ගලන් එද්දි මම පුංචි සද්දයක්වත් පිට නොකර ඉන්න වග බලා ගත්තා.. මොකද මට ඕනේ උනේ නෑ ජන්ග් මීව තවත් බය කරන්න..

-" කූ........ අඬන්නෙපා..."

ජන්ග් මීගේ කටහඬට මම ආපහු හැරිලා බලද්දි ජන්ග් මී කඳුලු පුරෝගෙන බලන් ඉන්නවා.. මම එහෙම්ම ජන්ග් මීව අල්ලන්න ගියාම එයා ආයෙම මුල්ලට ගුලි වුනා..

-" මට බයද? "

මම අහද්දි කෙල්ල ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.. එකපාරටම ජන්ග් මී ඉකි ගගහා හයියෙන් අඬන්න ගත්තම මට කරන්නේ මොනාද කියලාවත් හිතාගන්න බැරි උනා.. එයාව අල්ලන්න මට බයයි.. මොකද තත්වේ තවත් නරක අතට හැරුනොත් 😐
.
.
.
.
.

මම පැයක් විතර ජන්ග් මී දිහා බලන් උන්නා.. කෙල්ල තාමත් අඬනවා.. මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.. ඒ ඇස් වලට කඳුලු උනනවා කියලයි මට හිතුනේ.. මොකද ඒ තරම් එයා අඬනවා..

බලන් ඉඳලා බැරිම තැන ඕන එකක් උනදෙන් කියලා මම හෙමින් ජන්ග් මීගේ අත අල්ල ගත්තා... එයා තව තවත් හයියෙන් අඬද්දි මට එයාව ලඟට අරන් ඔලුව අතගානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.. මතක් උනෙත් නෑ...

-" නරක කුකී.......😭😭😭😭 "

-" උල්ජිමා.... කුකී ආයේ එහෙම කරන්නේ නෑ හරිද? තරහා නෑ නේද? "

මම එහෙම ඇහුවේ කෙල්ල ටිකක් සන්සුන් උනාම.. එයා අඬන එක නැවැත්තුවා උනත් තාමත් හූල්ලනවා.. ඒ අතරේ බුරුස් බුරුස් ගගා හොටුත් උඩට අදිනවා😒

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now