Chapter 02

1.1K 354 66
                                    

වැඩක් නෑ... ශුවර් එකට ජිමිනා ඊයේ සැර ලේබල් එකක් අරන් ඇවිල්ලා තනියෙන් ගහලා..

ජිමින් ෆෝන් එක ආන්සර් කරන්නේ නැති තැන මම ෆෝන් එකත් පැත්තක දාලා කෙල්ල දිහාවට හැරුනා..

-" මොන මගුලක්ද මේ කියවන්නේ... ආහ්...?? "

මම කේන්තියෙන් කෑගහද්දි කෙල්ල ඇස් වලට කඳූලු පුරවන් මං දිහා බලන් හිටියා.. මම සැර උනා වැඩී වගේ... එයා පව්... සමහරවිට එයාටත් හුරු නැතිව ඇති... මම ඒ නිසාම ඇඳ උඩින් වාඩි වෙලා එයාගේ අතෙන් අල්ලගත්තා.. ඒත් එයා... එයා මගේ අත ගසලා දාලා අත්දෙකෙන්ම ගවුම අල්ලන් කටත් ඇරන් කාමරේ පුරා ඇස් යැව්වා..

-" කෝ අජුම්මා... කෝ කුක්කු...? ඔයා මගේ කුක්කු එක බිව්වද? "

කෙල්ල හිරි ඇර ඇර කියනවා... මේකිට මලගිය ප්‍රාණියෙක් වැහිලද? මම ඔලුව දෙපැත්තට ගසලා ඇසුත් පිහිදලා බැලුවා මම මේ හීනයක්ද දකින්නේ කියලා.. මෙන්න මේ කෙල්ල හිනා වෙවී බලන් ඉන්නවා ඒ පාර..

-" ඔයා කවුද ඈ?  "

කෙල්ල ඇඟිල්ලකුත් කටේ ගහන් ඇහුවා.. පොඩි එකෙක් වගේ... ඒ හුරතල් නම් මං එක්ක හරියන්නේ නෑ කෙල්ලේ.. ගුටි කන්න වෙන්නෙ මගෙන්..

-" ඔය ඇත්තටද අහන්නේ? මාව මතක නෑ? "

මම අහද්දි කෙල්ල නෑ කියන්න වගේ ඔලුව වනලා ඇඳෙන් බැස්සා..

-" මට මගේ කුක්කු එක දෙනවද නැද්ද? මෙන්නෝ.... මිනිහෙක් මාව බලෙන් එක්කන් ඇවිල්ලෝ......... බේරගනියෝ......"

කෙල්ල ඇඳ උඩට නැගලා උඩ පැන පැන බෙරිහන් දෙද්දි හොටෙල් එකේ කට්ටිය එයි කියලා බයට මම එල්ලුනේ කෙල්ලගේ කකුලේ.. එයාටම බැලන්ස් නැතුව වැටෙද්දි ඇඳ අයිනේ උන්නු මම කෙල්ලත් එක්කම බිම.. ඊයේ ඇඳන් උන්නු මඟුල් ගවුමත් ඇඳගෙන ශිට් ගඳේ බෑ මේකි ලඟ..

පය පැටලිලා කෙල්ල වැටුන පාර හූ තියලා අඬන්න ගත්තා... හරියට මම වෙන මොකක් හරි කලා වගේ..

Knock knock

කවුදෝ දොරට ගහද්දි මම ජන්ග්මීගේ කට වැහුවා මගේ අතකින්...

ඌඌඌඌඌඌයී!!!

මේකිට මොන යකෙක් වැහිලද මන්දා... මගේ අත කෑවෙ නැතැයි...මම කෑගහගෙන ජන්ග්මීවත් තල්ලු කරගෙන නැගිට්ටේ දොර අරින්න..

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now