Preface

1.8K 345 22
                                    

ඒක එක ලස්සන දවසක්..
මම උදේ ඇහැරෙද්දි ඔයා මං ඉස්සරහා.. හෙමින් හෙමින් මම ඔයාට ලන් උනාම මම දැක්කා ඒ ඇහි පිහාටු මොන තරම් දිගද, ඝනද කියලා..
මම ඒ මූණ පුරා පුංචි චාරිකාවක් ගියා...
වචනෙන් විස්තර කරන්න බැරි තරම් ඒ මොහොත ලස්සනයි... ආදරනීයයි...
ඒත්.......
මගේ හුස්ම ඔයාගේ මූණට වදිද්දි ඔයා අයින් උනා.. ඔයා බය උනා...
ඒ තරම් බයද මට?
මගේ හුස්මක් පවා ඔයාට අපහසුවක්ද?
කමක් නෑ මැණික...
මට පුලුවන් ආදරේ දෙන්න..
අපි දෙන්නටම ඇති වෙන්න...
මට පුලුවන් ඔයාව බලාගන්න හැමදාටම..
ඉතින් මම ඔයා සුව වෙනකන් බලන් ඉන්නවා...
මට පුලුවන් හැමදේම මම කරනවා..
මොකද මම ඔයාගේ හීලර් ( සුවකරන්නා)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔව්ව්... මම ආදරේ කලා...
හීන දැක්කා...
ඒවයේ ජීවත් වෙන්න ආස කලා..
ඒත් ,
ඒ බවක් ඔයාට තේරෙන්නෙ නෑ නේද මැණික...
කමක් නෑ...
ඔයා තාමත් පුංචි දරුවෙක් වගේ...
ඉතින් මම මේ ගමන අපි දෙන්නම වෙනුවෙන් යන්නම්..
ඔබ නැතුව නමුත් ඔබ එක්ක...!

මොකද මං ඔය ආදරය විඳිනවා... විඳවනවා...!

මම ඔයාගේ හීලර්

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඉතින් මම ඔයාලට කියන්නේ එච්චරයි... ඒ දෙන්නා ගැන දැනගන්න වෙන්නේ කතාව කියවලම තමයි..

මේක කොටස් 7/ 8 ක හෝ ඊට අඩු පුංචි කතාවක්.. මම මේක දෙන්න හිටියේ One shot එකක් විදියට කුකීගේ බර්ත්ඩේ එකට... ඒ උනත් තිබුන වැඩ එක්ක මට කතාව තියා විශ් කරලා එක ෆොටෝ එකක් හදාගන්න බැරි උනා.. ඉතින් මං හිතුවා මේක චූටි කතාවක් විදියට දෙන්න

(Meanwhile kookie - Trustfated ah😒 )

Slow updates තමා ඉතින් 🙂 බ්ලින්කී ඉවර කලාට පස්සෙ පලවෙනි එපිය දෙනවා 🙂 ඔක්කොම එකට දීලා අවදානමක් ගන්න බෑනේ..

Vote , comment කරන හැමෝටම හුගාක් ස්තුති❤️

Nim

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now