Chapter 03

1.1K 363 30
                                    

-" බෙල්ට් එපා... බෙල්ට් එපා..."

කෙල්ල කෑ ගහද්දි මං හෙමින් හෙමින් එයා ලඟට යද්දි කෙල්ල හූ තියලා අඬන්න ගත්තේ කන් දෙකත් වහගෙන..

-" ජන්ග් මී... ඒයි... නංගී... ඒ මොකද මේ..?? "

මම කෙල්ලගේ උරහිස් හොලවන ගමන් ඇහුවා... ඒත් කිසි ප්‍රතිචාරයක් නෑ මට.. එයා බෙල්ට් එක එපා ගගා කෑගගහා අඬනවා.. ඇයි කියලා හිතාගන්න බෑ... කෙල්ල දරාගන්න බැරි කමට වෙව්ලනවා කට කට ගාලා ගැහෙන ගමන්..

-" ඕයි ජන්ග්මී... ඕයි මේ අහනවා...😡 "

මට කේන්තිය ඉවසගන්න බැරි තැන මම ජන්ග් මීගේ කම්මුල රත් වෙන්න එකක් දුන්නම තමා කෙල්ල වට පිට බැලුවේ...එයා ඇස් ලොකු කරන් මං දිහා බලන් උන්නේ බය වෙලා..

-" කූ....! "

එයා කිව්වේ එච්චරයි... එහෙම කියලා මගේ පපුවට තුරුල් උනේ බයෙන් ගැහෙන පූස් පැටියෙක් වගේ.. කෙල්ල තාමත් අඬනවා... ඒත් ඉස්සෙල්ලා තරම් නම් නෑ..

ඒ එක්කම කවුදෝ දොරට ගැහුවා.. ඒ නිසාම මම ජන්ග් මීව උස්සලා ඇදෙන් තියලා දොර ඇරියා... බලද්දි හොටෙල් එකේ අය... ජන්ග් මීගේ කෑගැහිල්ලට ඇවිල්ලා තියෙන්නේ.. මම හූනෙක්ට බය උනා කියලා බොරුවක් කියලා එයාලව යවලා ආයෙම ජන්ග්මී ලඟට ගියා.. කෙල්ල තාම ගැහෙනවා..

-" කූ.... බෙල්ට් එපා... බෙල්ට් එපා..."

-" නෑ නෑ බෙල්ට් නෑ ... නිදාගන්නකො ඔයා... මම අරහෙන් ඉන්නේ.... ඕනේ උනොත් කතා කරන්නකෝ.."

මම ජන්ග්මීගේ ඔලුව අතගාලා කියන ගමන් සෝෆා එකට යන්න ගියත් කෙල්ල හරියට පුංචි දරුවෙක් වගේ මගේ සුළැඟිල්ලෙන් අල්ලන් හිටියා.. හරියට එයාව දාලා යන්නෙපා කියන්න වගේ.. මම එහෙම්ම වාඩි උනාම එයා ඉක්මනට ඇවිල්ලා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.. ඒ මූණ දැන් මට පේන්නේ නෑ.. ඒත් එයා හූල්ලනවා කියලා මට දැනුනා.. මටත් නොදැනි මගේ අත ඒ දිග කොණ්ඩේ අතර දඟ කරද්දි ජන්ග් මී සනීපෙට නිදාගත්තා..

මේකි ආයේ හොටු පිහිනවා නේද? 😖😖😖😖😖😖ක්වෙන්චානා ජන්ග්කුක් ක්වෙන්චානා

කෙල්ලවත් මම කොට්ටෙන් තියලා මාත් එතනින් හාන්සි උනා..
.
.
.
.
.

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now