♡ මුදුව...

Depuis le début
                                    

ඇතිරිලි අතරින් තමන්ගේ ඉණ තදින් ගහනය කරගෙන ඉන්න යුන්ගි ගෙ සීතල අත් වගේම පපුවේ ස්පර්ශ වෙන සීතල ඇඟිලි හැම දෙයක්ම හොබී ගෙ හිතේ යුන්ගි ' තමන්ගේ' කියන හැගීමක් ඇති කරා..

නමුත් පහුවදා සේජින් ගැන තමන් හිතපු දේවල් සිහියට ආපු හොබී ඒ දේවල් ගැන කල්පනා කරන්න ගත්තා..

සේජින් ඉක්මනින් හමුවෙනවා කියලා පොරොන්දු වුණත් හොබී ට ඕන වුණා හුඟක් ඉක්මනින් සේජින් හමුවෙන්න.. ඒ මුහුන දකින්න හොබී ආස කරා.. ඒ නිල් පාට ඇස් වලින් ගලන හුඟක් හැගිම් විඳගන්න වගේම ඒ රළු කටහඬ අහන්න හොබී ට උවමනා වුණා..

හොබී හිතින් හිතුවා ඉක්මනින් සීත කාලය ගෙවිලා වසන්තය උදා වෙනවනම් කියලා..

ඒත් ඒ වසන්තය තවත් එක සීත කාළයක් වෙන බව හොබී දැනගෙන හිටියේ නෑ..

වසන්තයේ මිටියාවතේ පිපෙන ලස්සන සූරිය කාන්ත මල් ඉර දිහාට හැරිලා එහා මෙහා වැනෙන හැටි බලන්න හොබී ආස කරා.. කටුක හිම වලට වඩා හොබී නැවුම් ඉර එළියට ආස කරා...

හොබී නිතරම 'ආසාව'  තුළ ගිලිලා ඉන්න චරිතයක්.. ඇත්තෙන්ම හොබී එහෙම වුණා.. ඒ කියන්නෙ හොබී 'යථාර්ථය' බැහැර කරල හිටිය කෙනෙක්.. හොබී යුන්ගි තරම් පරිනත කෙනෙක් නොවුණත් දේවල් ගැන යම් අවබෝධයක් නොතිබුණා නෙමෙයි.. නමුත් සමහර අඳුරු සිතුවිලි හැගිම් එක්ක හොබී නිතර හිටියේ යථාර්තයට පිටුපාලා..

හැගිම් වලට වහල් වෙන එක ඇත්තෙන්ම කෙනෙක්ගෙ දුර්වල කමක්..

තමන් මලක් වගේ දකින ඇල්ෆා කෙනෙක්ගෙ තුරුලට වෙලා, වෙන නොදන්න ඇල්ෆා කෙනෙක් ගැන හිතන එක නොහොබිනා පහත් වැඩක් කියලා දැන දැනත් හොබී එහෙම කරා.. මොකක්දෝ හිතේ තෙරපෙන ආගන්තුක හැගීමක් හොබී ඒ තැනට පත් කරා..

' මම යුන්ගිට හුඟක් ලං වුණා නම් එයා ගැන විතරක් හිතන්න පුළුවන් වේවිද..?'

හොබී එහෙම හිතුවා..

මේ දේවල් නිසා වෙලාවකට හොබී අතරමං වෙනවා.. තමන් ඇත්තටම ආදරේ කරන්නෙ කාටද කියලා හොබී දන්නේ නෑ.. යුන්ගි එක්ක ඉද්දි හොබී හිතුවේ ඒ ඉන්නෙ එයාගෙ ආදරේ කියලා.. ඒත් සේජින් එක්ක ඉද්දි හොබී හිතුවේ ඒ තමන් හොයන විඳියේ ආදරයක් කියලා..

RED JASPER | SOPE | COMPLETEDOù les histoires vivent. Découvrez maintenant