-" අනේ.... මේක අල්ලන්නෙපා අනේ... මම අමාරුවෙන් පීරුවෙ.."

මේකට කියන්නේ පීරනවා කියලද😂😂 කෙල්ල ඇසුත් හීනී කරගෙන කටත් උල් කරලා කියද්දි මට ඇත්තමයි ඒ පුංචි ලිප්ස් අල්ලලා බලන්න හිතුනා.. මාත් ඉතින් කොල්ලෙක්නේ... හැඟීම් පාලනය කරන් හරිම අමාරුවෙන් ඉන්නේ මේ කෙල්ල නිසා.. මොකද දැනටමත් මම එයාට ආදරෙයි... ඒත් මට ඕනේ උනේ නෑ හැඟීමකින් වත් එයා දිහා අනවශ්‍ය විදියට බලන්න..

-" කෝ වාඩි වෙන්නකෝ.."

කෙල්ලව බලෙන්ම ඩ්‍රසින් ටේබල් එක ලඟ වාඩි කරවලා මම කොන්ඩේ ගැට කඩන්න ගත්තා.. එයාගේ කොන්ඩේ හරිම ලස්සනයි.. ඒ මූණටම ගැලපෙනවා.. හෙමින් හෙමින් කොන්ඩේ එකතු කරලා මම උඩට කරලා පෝනින්ටේල් එකක් දැම්මා... දැන් නම් බබෙක් වගේමයි...

-" දැන් හරි නේ...බලන්නකෝ ලස්සන.."

-" දේ... මැචින් කපල්...😍 "

-" මොහ්? "

-" ඔයා ඒකවත් දන්නේ නෑනේ අනේ... ඩ්‍රාමා වල කියන්නේ ලස්සනට ඇන්දම.. ඔයා නම් වැඩක් නෑ මහ මොට්ටපාලයෙක්.."

-" ඔයා ඩ්‍රාම බලනවා හොඳටම වැඩී...😏😏 තේරෙන්නෙත් නෑ කට ඇරන් බලන්නේ.."

ඉස්සර කාටුන් බැලුව එකී දැන් ටීවී එක ඔබලා ඔබලා ඩ්‍රාමා යන චැනල් හොයාගෙන... මෙකිට රටේම ඔප්පලා පුප්පලා ලස්සනයි ශෝයි ලු.. අර කැත කැරට් අලේ... අන්න ඒකටත් කැරට් මහත්තයාලු.. මම නිකන්ම මොට්ටයා , චින්ගූ , කූ , එහෙම නැත්තං පාබෝ..😒😒

-" මගේ යාලුවා තමා හොඳම කෙනා... උම්මා උම්මා 😗😗😗😗😗 "

කෙල්ල මාව බදාගෙන කම්මුල් වලට මාරුවෙන් මාරුවට හාදු තිබ්බේ නොතේරුම්කමට වෙන්න ඇති... ඒත් ඒකත් මට මහ මෙරක් වගේ..

දැන් ඔහොම දඟ කලාට මගේ තුරුලේ උන්නට කවදාහරි හොඳ උනාම.. එහෙම නැත්තං ටේහ්‍යොන් ආවම උඹ යන්න යයි නේද මැණික?

එහෙම දවසක් එන්නෙපා කියලා මම ප්‍රාර්ථනා කරනවා... මම ආත්මාර්ථකාමී ඇති.. ඒත් මට දැන් මගෙ පිස්සි නැතුව ඉන්න බැරි තරම්.. මං ඉතින් කිව්වත් තේරුම් ගන්න තරම් තත්වයක් නෑනේ මැණික ඔයාට.. 😔🥀

මම ලොකු හුස්මක් පිට කරන ගමන් මගේ පපුවේ තුරුල් වෙලා උන්නු ජන්ග් මීගේ ඔලුව අතගෑවා..

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now