-" කුක්ජූ....... උබ කෙල්ලව මැරුවද? අතවරයක් කලාද? "

-" නෑ නෑ උබ පලයන්කෝ එයා වැටුනා... මම විස්තරේ කියන්නම්... "

ඒ ජිමින්... ඌ දැන්ද කොහෙද ඇහැරලා තියෙන්නේ.. මම බාගෙට ඔලුව දාලා දොර ඇරලා කියද්දි ජිමින් හොර හිනාවක් දාලා යන්න ගියා..

-" මේ.. ජන්ග් මී... අඬන්නෙපා බොරුවට ඔයාට තුවාල නෑනේ.."

-" හුවෑ................. මගේ කිරි එක කෝ මිනිහෝ..... මෙන්න මාව මරන්න යනෝ....."

කෙල්ල ආයෙම අඬනවා... හරිම කන් කරච්චලේ... කන්දෙක පුපුරන්න වගේ මගේ... ඒ මදිවට හෙන බඩගිනී.. මම හෙමින් හෙමින් කෙල්ල ලඟට ගිහින් දණගහගත්තා..

ඔක්කොටම වඩා මේකි මේ කතා කරන විදියට මට මල් නෙමේ ගස් වැල් ඔක්කොම පනිනවා..

-" කෝ නැගිටින්නකෝ... අපි කෑම කාලා බීච් එකට යන්.."

මං බොහොම ඉවසීමෙන් කිව්වා..

-" බීච්? අයිස්කීමුත් දෙනවද? "

මම කියද්දි කෙල්ල කඳුලු පුරෝගෙන ඇහුවා... ඒ කම්මුල් රෝස පාට වෙලා.. මේකිට හිතුන හැටියේ අඬන්න පුලුවන් ද කොහෙද 😒

-" හරි හරි.. මම අරන් දෙන්නම්.. කෝ දැන් නැගිටින්නකෝ.."

මම කෙල්ලව නැගිට්ටවලා ඇඳෙන් වාඩි කෙරෙව්වා... ආයෙම මෙන්න කකුල් පද්ද පද්ද වටේ බලනවා... මේ කෙල්ලට පිස්සුද ඇත්තට?

-" අජුස්සී... ඔයා කවුද? "

ඉවසපන් ජන්ග්කුක් ඉවසපන්...

මම මටම කියාගන්න ගමන් ලොකු හුස්මක් අරන් කෙල්ල ලඟින් වාඩි උනා..

-" මම ඔයාගේ හස්බන්ඩ් ඔයා මගේ වයිෆ් "

-" මේ මම ඔයාගේ හස්බන්ඩ් ඔයා මගේ වයිෆ් මට කුක්කු එක දෙන්නේ නෑද? "

කෙල්ල බෙල්ලත් ඇල කරන් අහන්නේ ඇසුත් ටීක්බෝල වගේ කරගෙන..මට හිනත් ගියා ඒ කිව්ව එකට

-" මේ අහන්න... මං එක්ක සෙල්ලම් කරන්න නම් හදන්නේ ඒවා හරියන්නේ නෑ... මට ඕනේ නම් පුලුවන් අනිත් කොල්ලෝ වගේ මට ඕනේ දේ කරගෙන තමුසෙව තියන් ඉන්න... ඒත් මට ඕනේ හෙමින් හෙමින් අපි දෙන්න තේරුම් අරන් ජීවත් වෙනවා බලන්න.. අරස්සො... මතක තියාගන්න මම ඔයාගේ හස්බන්ඩ් "

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now