හතරවන දිගහැරුම...

988 168 6
                                    

දවස් කිහිපයක් සාමාන්‍ය විදියට ගෙවිලා ගියා...ටේ ඔප්පා කිව්ව නිසාම අද එලියට යන්න එන්න කියලා ඒසයි,එමියි ඒකට කැමති වුනා...කලින් යන්න හිටියත් යන්න වෙලාවක් හම්බ වුනේ නැති නිසා අද යමු කියලා කිව්වේ ජිමින්...ජිමින් එනවා කියලා කිව්ව නිසා ඒසා නම් උඩින්ම කැමති වුනා...

එදා ඔෆිස් ටයිම් එකෙන් පස්සේ ඒසයි එමියි ආවේ එලියට යන්න අද එන්න කියපු නිසා...ජිමින් එයාගේ වෙහිකල් එකෙන් ඇවිත් කෙල්ලෝ දෙන්නා හිටිය තැනින් නැවැත්තුවා...

🐥 එන්න නගින්න...

🌷 ඔප්පා...අනේ මේ මෙයත් එනවද අපි එක්ක...

පිටි පස්සේ ශීට් එකේ හිටියේ ලියා...ලස්සන හිනාවක් හැමවෙලේම වගේ කෙල්ලගේ මූනේ තියේ...

🐥 ඔව්...එයා ඉතින් මන් එක්කනේ යන්නේ...

🌷 ඔව්නේ...

🐥 එමී එන්න නගින්න...

❤ දේ ජිමින් සර්...

🐥 අයියෝ එමී...ඔයාට ඔෆිස් එකෙන් පිටදිවත් ඔය සර් කැල්ල කියන්නේ නැතුව ඉන්න බැරිද...ටේට නම් ඔප්පා කියනවා...මේ වෙන්න මස්සිනා වෙච්ච මට කියන්නේ සැර් සැර් ගාලා හැමවෙලේම...

🌷 ඔව් එමියෝ ඒක අසාදාරනයි...මේ ඔයාගේ වෙන්න මස්සිනානේ...

❤ ඒයී මෝඩයිනේ...මෙතන පොඩි ලමයෙක් ඉන්නවා...

🌷 දැට්ස් මයි එමී...ඔප්පා කොහොමද ඒ නම...සර් වෙනුවට මෝඩයා...😂😂😂

🐥 නරකමත් නෑ...දැන් නගින්නකෝ...

එමී හිනවත් තද කරන් පිටිපස්සේ සිට් එකට නගිද්දි ඒසා ඉස්සරහා සීට් එකට ගොඩවුනා...

යනකම්ම ලියාගේ වැඩේ එක එක විදියේ ප්‍රශ්න එමීගෙන් අහන එක...ආන්ටි අර මොකද්ද මේ මොකද්ද ඇයි ඒ ඒම වෙන්නේ ඇයි...එක එක විදියේ ප්‍රශ්න ගොඩායි ලියාගෙන් එමීට...

මේ දේ දැක්ක ජිමින්ගේ හිතට අවේ අමුතුම දුකක්...මොකද ලියාගේ අම්මා එයා ලග නෑනේ...පොඩි කෙල්ල වෙනදට ඔය හැම එකම අහන්නේ ජිමින්ගේන්...ජිමින් ඒවට උත්තර දෙන්න දන්නේ නෑ ගොඩක් වෙලාවට...ජිමින් කන්නාඩියෙන් පේන ඒ දෙන්නා දිහා බලලා හිනා වුනේ හැමදාම මේ වගේ ලියාව සතුටින් තියන්න පුළුවන් නම් කියලා හිතන ගමන්...

Saranghe |complete|✓Tahanan ng mga kuwento. Tumuklas ngayon