📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙 📍

1.3K 139 0
                                    

" යුහී... Seoul යනවාද හෙට?"
" ඔව් ඔම්මා... Wedding එක කල් ගියානේ.."
" යුහි කල් ගියා කියන්නේ එච්චර කාලයක් නෑනේ ළමයෝ සති එකහමාරයිනේ..."
" හරි ඉතින් ඔම්මා.. මට මේ meeting එක වැදගත්... "
" ජන්කුක් පුතා එන්නේ නැද්ද?"
" හෙට එන්නේ නැති වෙයි... මේක අපේ company එකේයි PJ company එකෙයි.. JJK company එකේ කිසි සම්බන්ධයක් නෑ... ජන්කුක් seoul එයිද දන්නේ නෑ..."

මම ඔම්මා එක්ක කතා කරේ රෙදි pack කරන ගමන්...

" යුහී... දුව... එයාව හම්බුනොත්?"
ඔම්මා ඇහුවේ මගේ දිහා බලන්.. මම ඇද උඩ ඉදගත්තේ ඔම්මාගේ අත් දෙක අල්ලගෙන...

" හම්බුනොත් මොකෝ ඔම්මා? එයා එයාගේ life එක enjoy කරනවා ඇති... ඉතින් මමත් ජිවිතේ පටන් ගන්න යන්නේ..."

" මොනාවුනාත් මතක තියාගන්න ඔයාට ඔම්මායි අප්පයි ඉන්නවා කියන එක.."
" හ්ම්.. හරි ඔම්මා... ඔම්මා මට උදව්වක් ඕනේ..."
" මොකක්ද?"

මම ගිහින් මගේ closet එකේ එක ලාච්චුවක් lock කරලා key එක ඔම්මාගේ අතට දුන්නා..

" ඔම්මා... මේ key එක කාටවත් දෙන්න එපා.. ඔයා key එකෙන් මගේ පරණ මතකයන් ඔක්කෝම මම ඔම්මාට භාරදීලා යන්නේ... ඒක නිසා ඕක කාටවත් දෙන්න එපා... මගේ ජිවිත කතාවම එකේ තියේ තේරුනාද?"
" හරි.. බය වෙන්න එපා.."

" බුහ්..."
" යාහ්... ජන්කුක්... බය වුනා.."

මම පපුවත් අල්ලන් ජන්කුක්ට කෑ ගැහුවේ ජන්කුක් එක සැරේටම කාමරේට ඇවිත් අපිව බය කරපු නිසා...

" අහ්.. මේ මොකක්ද මේ key එක?"
" අහ්.. ඒක ඔයාට.. මේ ඒක.."
" ඒක ඔම්මාගේ සල්ලි locker එකේ key එක... ඔයාට මොකටද?"
" හරි..හරි.. ඔයාලා කතා කර කර ඉන්නකෝ.. මම යන්නම්.."
" හරි ඔම්මා..."

මම ඔම්මා ගියාට පස්සේ මම ආපහූ නැගිටලා රෙදි pack කරන්න ලැස්ති වුනා..

" කවුද හිතුවේ මට මේ මැට්ටිව marry කරන්න වෙයි කියලා.. මට ඔයා නැතුව පාලු හිතෙයි..."

ජන්කුක් කිව්වේ මගේ ඉන වටේ අත යවලා මගේ උරහිසේ එයාගේ නිකට තියන් මාව පිටිපස්සෙන් බදාගන්න ගමන්...

" ජන්කුක්... මොකෝ මේ? ඔයා දන්නවානේ අපි පලවෙනි තැන දෙන්න ඕනේ Business වලට.. "
" කවුද එහෙම නීති දැම්මේ? මගේනම් පලවෙනි තැන ඔයාට... "

" ජන්කුක්.. මට සමාවෙන්න... ඔයා මට ආදරේ තරම් මට ඔයාට ආදරේ කරන්න බෑ... මගේ හිතේ ආදරේ කියන දේ කෙනෙක් හොරකම් කරන් ඉන්නේ දැන් අවුරුදු 3කට කලින් ඉදන්... මට සමාවෙන්න..."

මම හිතින් හිතුවා විතරයි ඕවා කියන්න ගිහින් මට මිනිස්සුන්ගේ හිත් කඩන්න බෑ...

" PJ Company එකේ Chairman ඔයාගේ යාලුවෙක් කිව්වා නේද?"
" ඔව්.. එයා පොඩි කාලේ ඉදන් අපේ හියුන්ග් ගේ යාලුවෙක්...මේ ලගකදි තමා මම කතා කරේ.. හරි හොදයි ඒ හියුන්ග්... "
" හ්ම්.. ඔයාව marry කරන්න ඉනේ කියලා නොකියා ඉන්නම් නේ.."
" ඔව්.. එයාට private life ගැන කියන්න යන්න එපා.. ඒවා business එකට ඊට පස්සේ ප්‍රශ්න..."
" හ්ම්... ඔය ඇතිනේ ජන්කුක්... කවුරුහරි එයි... "

" බෑ... මට මෙච්චර කාලේකට කිස් එකක්වත් දීලා නෑ.. මෙහෙමවත් ඉන්න දෙන්න... මම ඔයාගේන් බලෙන් මොනාත් ඉල්ලන්නේ නෑ... "
" හ්ම්... විනාඩි පහයි... "

මම කොහොම හරි ජන්කුක් වෙනුවෙන් මගේ හිතේ තැනක් දැන් හදන්න ඕනේ... එයා දැන් මගේ ජිවිතේ නෑ.. එයා ලස්සනට ජිවත් වෙනවා ඇති මම එයා ගැන හිතුවා කියලා ලැබෙන දෙයක් නෑ...

" යුහී.."
"ම්හ්.. කියන්න.."
" හෙට flight එක 5ට නේද?"
" හ්ම්... ඉතින්.."
" අද රෑ අපි දෙන්නා dinner out එකකට යමුද?"
" හා... "

එමා.... ✍️✨🌹

Chapter 1 published...
මගේ අලුත්ම story එක.... මේක ටිකක් triangle love එකක්....
🥳NOTHING LIKE US 1K VIEWS🥳

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now