♡ සැකය...

Começar do início
                                    

' දන්නවද යුන්ගි හියුන්ග් ඔයාට හුඟක් ආදරෙයි..'

' මම දන්නව ටේ.. ඒත් ඇයි එකපාරට..? '

' ආහ්.. මේ.. නිකන් කිව්වේ එයා ඔයා ගැන නිතරම කියන නිසා.. '

' ඔහ්.. ඒකනෙ ඒකනෙ ටේ.. එහෙනම් මම යන්නම්.. සුබ රාත්‍රියක්..'

හොබී ඒ වචන වලින් පොඩි තැති ගැනීමකට ලක් වුණා වුණත් ඒක පෙන්නන්න උත්සාහ නොකෙරේ පොඩි හරි වැරදි අදහසක් අනිත් අයට නොදැනෙන්න..

අඩි පාර දිගේ ඉක්මන් ගමනින් එන්න උත්සාහ කරත් හිමේ එරෙන නිසා ගමන ඉක්මනින් යන්න අපහසු වුණා.. කොහොමහරි ගෙදරට ලං වෙද්දී හොබී දැක්කේ ගෙදර එළියට හදල තිබුණු උඩ තට්ටුවේ සඳලුතලයට වෙලා ඈත එන හොබී දිහා බලන් ඉන්න යුන්ගි ව..

හොබී යුන්ගිට අත වනලා හිනා වෙද්දි යුන්ගි ඇතුලට ගියා.. ටික වෙලාවකින් ඉස්සරහ දොර ඇරුණාම හොබී දුවගෙන ගිහින් යුන්ගි ගෙ බෙල්ල බදාගත්ත..

' මේ මොකද හොබී..? හැමදේම හොඳින් නේද..?'

හොබී ඒ ප්‍රශ්නෙ එක්ක නිරුත්තර වුණා.. විසදන්න අමාරු ප්‍රශ්නයක් වගේම වරදක් හොබී ළඟ තියෙන නිසා හොබී දෙන්න ඕන උත්තරයක් දැනගෙන හිටියෙ නෑ..

' එහෙම දෙයක් නෙමේ.. ඔයාව හුඟක් මතක් වුණා.. ඒකයි...'

' එහෙමද.. කෝ බලන්න..'

යුන්ගි එහෙමම පහසු පුටුවක ඉඳ ගත්තම හොබී යුන්ගි ගෙ උකුලෙන් ඉඳ ගත්තා..

' අද හුඟක් වැඩ තිබ්බද..?'

' නෑ යුන්ගි.. හිටිය දෙතුන් දෙනාටත් හුඟක් සනීප වෙලා.. ටේ එක්ක පුස්තකාලෙ හිටියා ඉතින්.. '

' ම්ම්.. ඉතින් මොකද දුකින් ඉන්නෙ.. '

' දුකින්.. නෑ.. නැත්තේමත‍් නෑ.. ඒත් ඔයා ළඟ ඉද්දි දුක නෑ..'

හොබී කතා කරන අතරේ යුන්ගි ගෙ ඉවට හොබී ගෙ සුවඳ එක්ක මුසු වුණු තව සුවඳක් දැනුනා..

උරහිස උඩින් මූණ තියන් ඉන්න හොබී ව යුන්ගි කෙලින් කරලා මූණ පපුව අත් බෙල්ල හැමතැනම ඉව කරේ ආගන්තුක සුවඳ අදුර ගන්න..

' අද කා එක්කද වැඩිපුරම හිටියේ.. වෙනදා ඔයා ළඟ මෙහෙම සුවඳක් නෑ නේ හොබී..?'

RED JASPER | SOPE | COMPLETEDOnde histórias criam vida. Descubra agora