♡ පින්තාරුව...

ابدأ من البداية
                                    

ඉක්මනින් කෑම අරන් පිරිසිදු වෙලා හොබී කාමරේ අස් කරලා පිලිවෙලක් කරා.. කාමරේ කොනක තිබුණු පහත් මේසය ළඟම බිම අතුරාපු රතු පාට මෙට්ටය උඩින් කකුල් දෙක ලං කරන් ඉඳ ගත්ත හොබී ටිකක් එහායින් තිබුණු යතුරු දාපු පෙට්ටිය විවෘත කරා..

මුලින්ම කඩදාසි වල කටු අකුරු වලින් සටහන් කර ගත්ත වට්ටෝරු කීපයක් එකින් එක අරන් කියවපු හොබී යමක් වටහා ගත්ත බව හඟවන්න වගේ හිනා වුණා.. ටිකක් නපුරු හිනාවක්..

සුදු පාටින් පින්තාරු කරපු මැටි බෝතල් කීපයක් පිලිවෙලට මේසේ උඩින් තියපු හොබී තවත් ටිකක් ලොකු භාජනයක‍ අහුරලා තිබුණු කොළ පාට විනිවිද පේන දියරයක් හැම බෝතලයකටම පුරවලා ඉක්මනින් පියන් තද කරා.. ඉක්මනට ජනෙල් පියනක් ඇරපු හොබී හයියෙන් හයියෙන් හුස්ම ගත්තෙ හරියට මෙච්චර වෙලා හුස්ම තද කරන් හිටිය වගේ..

ඉක්මනින් බෝතල් සේරම පෙට්ටියට දාලා යතුරු දාපු හොබී ඉක්මනින් කාමරේ අගුල් කරන් එළියට ගියේ යමක් මුමුණන ගමන් කට කොනින් හිනා වෙවී..

' මින් සේජින්.. කිම් ජීහු..'

හහ්...
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

යුන්ගි පවරලා තිබුණු වැඩ ඉවර කරලා දවල් කෑමට ජිමී එක්ක පුරුදු තැනටම ගිහින් කෑම ගන්න ගමන් හිටියා..

' හියුන්ග්.. මට අහන්න දෙයක් තියේ..'

' මොකක්ද ජිමී..?'

යුන්ගි බාගෙට නිවුණු උණු වතුර උගුරක් බොන ගමන් කතා කරා..

' නෑ මේකයි යුන්ගි හියුන්ග්.. අපි හොබී එක්ක යාලු වුණත් එයා අඩුම තරමේ අපිට එයා ගැන කිසිම දෙයක් කියලා නෑ නේ.. මම අහන්නෙ ඔයාටවත් කියල නැද්ද..? එදා මුලින්ම හම්බුන දවසේ ඇයි තුවාල වුණේ, එයාගෙ පවුල මේ දේවල් කිසි දෙයක් අපි දන්නෙ නෑ..'

' මටත් හුඟක් හිතෙනව හොබී දේවල් හිතේ තියන් ඉන්න බව.. ඒත් අපිට බෑ නේ එයාගෙන් බල කරලා අහන්න.. '

' හ්ම්.. සමහරවිට ඒක එයාගෙ හැටි වෙන්න ඇති නේද..? '

' ම්ම්.. කාළයක් යද්දි අපිට දැනගන්න පුළුවන් වේවි ඒත්.. බලමුකො.. '

RED JASPER | SOPE | COMPLETEDحيث تعيش القصص. اكتشف الآن