♡ අවවාද...

Start from the beginning
                                    

ජින් කියවන් යන අතරේ හොබී ජින් ඉස්සරහින් ඉඳ ගත්තා.. ටිකකින් බීටා සේවිකාවක් ඇවිත් තේ පෝච්චියක් තියලා ගිය නිසා ජින් දෙන්නටම තේ වක් කරන ගමන් කතා කරන්න පටන් ගත්තා..

' ඉතින් අපිට ආරංචි දැන් ආදරවන්තයෙක් වෙච්ච බව.. ම්ම්ම්..? '

ජින් වක්‍රාකාරව ඇහුවේ ප්‍රශ්නයක් සැක හැර දැනගන්න.. හොබී ටිකක් ලැජ්ජාවෙන් හිනා වෙද්දි ජින් හොබී දිහා බලන් හිනා වෙලා තේ කෝප්පය ලං කරා..

' එහෙම තමයි ජින් හියුන්ග්.. යුන්ගි ඔයා එක්ක කිව්වද..?'

' කිව්වේ නෑ ඒත් ඉතින් බලන්න එපැයි ඊයේ දෙන්නගෙ මුකුළුව.. '' හරි හරි පැටියෝ මම වරදක් දකින්නෙ නෑ ඔය දෙන්නගෙ.. ඒත් ඔයාල සහකාරයො නෙමේ නිසා රැලේ ප්‍රශ්නයක් ඇති වේවිද මට බයයි.. කොහොම උනත් අපි පස් දෙනාම ඔය දෙන්නට ඉන්නව.. ඒක නිසා බය වෙන්න එපා.. '' හරි ද..? '

හොබී' හ්ම් ' කියන්න වගේ හිනාවක් එක්ක ඔලුව නැමුව..

' ඔයා දන්නවද මට ජුන් ව හම්බුනේ අවුරුදු හයේ විතර.. ඒ දවස් වල අපි හුඟක් ළඟ යාළුවෝ.. ඔයා හිතන්න එයා මට ආදරේ කිව්වේ අවුරුදු පහළොවේදි.. කොහොම හරි අපි ආදරේ කරා අතාරින්න බැරි තරමටම.. අපි වයස සම්පූර්ණ කරාට පස්සෙ තමයි අපි සහකාරයො කියලා දැනගත්තේ.. ඇත්තටම එදා මම සතුටට ඇඬුවා.. සමහරවිට ඔයාගෙ ජීවිතේ වුණත් නොහිතන දේවල් වෙන්න පුලුවන් හොබී බලාපොරොත්තු අත් ඇර ගන්න එපා.. යුන්ගි කියන්නෙ මගේ ලොකු මල්ලි.. මම හිතන්නෙ එයා ඔයාව හොඳින් බලා ගනී.. ම්ම්ම්.? හිතන්න එපා හුඟක්, හැමදේම හොඳින් වේවි.. '

ජින් හොබී ගෙ අත් දෙක තදින් අල්ලන් කියද්දී මීට කලින් නොදැනුනු විශ්වාසයක්, සතුටක් හොබී ගෙ හිතේ ඇති වුණා..

' එතකොට ජිමී..? '

' ආආආ... ඒක නම් එහෙම ආදරේ කරපු කතාවක් නෙමේ.. ඒ තුන් දෙනාම අපිට මතක ඇති කාලෙක ඉඳන් හිටියේ එකටම.. ජිමී ඔය වගේ දේවල් හුඟක් දන්නෙ නෑ මම, යුන්ගි හුරතල් කරලම එයාගෙ හිත පොඩි ලමයෙක් වගේ.. එයාල වයස සම්පූර්ණ කරලා ටික කාළයක් යද්දී තමයි සහකාරයෝ කියලා දැන ගත්තෙ.. දැන් නම් තුන්දෙනා හරි ආදරෙන් ඉන්නව.. '

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now