♡ වැස්ස...

Start from the beginning
                                    

ඒ කතාවට යුන්ගි ටිකක් පුදුම වුණා..

' ඇයි ඒ..? '

' එහෙම තමයි ඉතින්.. හැමෝම විශ්වාස කරන පුරුද්දක් මන් ළඟ නෑ.. '

' ඔයා හරි වෙනස් හොබී.. මටනම් තේරුම් ගන්න අමාරුයි.. '

' ඒ කියන්නෙ මාව තේරුම් ගන්න උත්සාහ කරලා..? එහෙම නේ.. '

හොබී හිනාවෙන ගමන් යුන්ගි ගෙන් අහද්දී යුන්ගි ටිකක් විතර කලබල වුණා..

' එහෙම නෑ.. ඒත් නැත්තෙමත් නෑ.. '

යුන්ගි කන අතගාන ගමන් උත්තර දුන්නෙ කටහඩ බාල කරලා..

' ඒ කියන්නෙ කරල තියේ.. '

හොබී ටිකක් සද්දෙන් හිනා වෙන ගමන් යුන්ගිගෙ අතක‍ එල්ලුනා..

' ඒත් මම මෙහෙට හුඟක් කැමති.. ඉක්මනටම යන්න දුකයි..'

හොබී අන්තිමට ටික කියද්දි කටහඬ ටිකක් බර වුණා..

' ඒ කියන්නෙ ඔයා යනවද..?'

' සමහරවිට..'

ඒ උත්තරේ යුන්ගිගෙ හිතට දුකක් ගෙනාවා..

' ඇයි ඔයා මං එක්ක වැඩිය නැත්තෙ..?'

යුන්ගි කතාව වෙන පැත්තකට හැරෙව්වා...

' වැඩිය නෑ කියන්නෙ කොහොමද මේ දැනුත් ඔයා එක්කනේ ඉන්නෙ..'

හොබී සෙල්ලක්කාර කටහඬින් උත්තර දීලා ඉස්සරහට දුවන් ගියා..

'' ' පුදුම අහංකාරකම.. ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බෑ..' ''

යුන්ගි තනියම හිතමින් සාමාන්‍ය ගමනින්ම ඇවිදන් ගියා..

'ඒ දුවලා වැටෙන්න එපා...'

කියලා යුන්ගි කටින් කිව්වත්.. හිත නම් කිව්වේ,

'' ' වැටුනත් මට මොකෝ අහංකාර ඔමේගා' ''

කියලලු ..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

'ඇත්තටම අද දවස ඔයාට ගාණක් නැද්ද හොබී.?'

මලක් අතේ තියන් ඒකට පිඹ පිඹ වෙනම ලෝකෙක හිටිය හොබී ගෙන් යුන්ගි ඇහුවේ අද දවස ගැන එපා වුණු ගතියක් හිතේ තියාගෙන..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now