♡ වියරු හිනාව...

Почніть із самого початку
                                    

කළු ලෝගු ඇල්ෆා තමන් ව හදුන්වා දෙන ගමන් හො බී ගෙ සියුමැලි අතක් සිප ගත්තා..

' ඉතින් ඇල්ෆා ඉන්නෙ මොන පැත්තෙද..?'

හොබී කිසි දෙයක් නොදන්න ගාණට එක එක මායම් ඇල්ෆා ඉස්සරහ පෙන්නන ගමන් ඇහුවා..

' ම්ම්ම්.. මම ඉන්නෙ මෙහෙ නෙමෙයි ඔමේගා ජීහු.. මම ඉන්නේ කඳුවැටියේ එහාපැත්තේ රංචුවේ..'

' එහෙමද.. මම අහල තියෙනව ඒ පැත්ත ගැන ඒත් මම මෙහෙට අලුත්..'

හොබී අනිත් අය අතරින් ඇවිද ගෙන යන ගමන් ඇල්ෆා කතාවට අල්ල ගත්තා..

' මම හිතුව අලුත් කියලා.. මෙහෙ හිතට අල්ලලා වගේ එහෙම නේද..? '

' ඔව් ඇත්තටම මම මෙහෙට කැමතියි.. '

' දවසක එන්න අපේ රංචුව පැත්තට.. එහේ මීට වඩා ලස්සන තැන් තියේ.. '

' ඔහ්හ්.. ඒත් ඇල්ෆා අපිට ඒ පැත්තට එන්න තහනම් නේද.. මම හිතන්නෙ ඔව්..!'

හෝබී තමන්ට අවශ්‍ය මාතෘකාවට ආවා..

' ඔයා මගේ නම කියන්නකෝ...අනිවාර්යෙන්ම ඔයාට එන්න පුළුවන්.. '

කළු ලෝගු ඇල්ෆා හිමින් හොබී ගෙ අතින් අල්ලන ගමන් කිව්ව...

' ඔහ්හ්.. ඔයා ඇත්තටම කරුණාවන්තයි.. මම අනිවාර්යයෙන්ම එන්නම් ඔයාව බලන්න..'

හොබී එතැන තියන පඩියකින් පහළට අඩිය තියද්දී කළු ලෝගු ඇල්ෆගෙ අතක එයාගෙ අත පටලන ගමන් කිව්වා..

' මමත් බලන් ඉන්නම්.. '

හොබී ඇල්ෆා එහෙම කියද්දි ඇල්ෆගෙ ඇස් දිහා කෙලින් බැලුවා.. දිළිසෙන නිල් පාට ඇස් වලින් හොබී දිහා ආදරණිය බැල්මක් එල්ල වෙලා තිබුණා.. හුගාක් කඩවසම් මූණක් වගේම කම්මුල කොනක පුංචි කැපුම් පැල්ලමක් හිටලා තිබ්බ නිසා භයානක ගතියක් නොතිබුණාම නෙමේ..

හොබී පියවි සිහියට ආවේ පිටිපස්සෙ ඉඳන් කවුරු හරි උගුර පාදන සද්දයක් නිසා..

කුක්..?

එයාල දෙන්න තනියම හිටිය නිසා හොබී ගැසෙන්න ගමන් ඇල්ෆා ගෙන් ඈත් වුණා.. හොබී ඉක්මනින් මුහුනේ හැගිම් වෙනස් කර ගන්න ගමන් කුක් දිහා අහිංසක බැල්මක් හෙළුවා.. කුක් හිතුවේ හොබී කිසිම දෙයක් නොදැන මේ ඇල්ෆා එක්ක කතාකරන බවක්..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now