"අහ්.. නම්ජුන්..ම්ම් හ්ම්" එහෙමම ඇඳ උඩ දිගා උනා.
"යූංගියා මොකද උනේ ? කෝ සූ මින්" තුවාල වලට බෙහෙත් දාන ගමන් ජින් ඇහුවත් පිළිතුර විදියට හම්බුනේ කඳුලු පිරුණු මූනක්.
"අනේ හ්‍යුන්" යූංගි කියන්නේ හරි ගල් හිතක් තිබුණ කෙනෙක්. එයා සූ මින් හම්බුනාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් උනා. මූණත් අත් දෙකෙන් වහගෙන යූංගි ඇඳ උඩ ගුලි උනා.
"යූංගියා ! සූ මින් ආපහු එයි"
"කමක් නෑ හ්‍යුන්ග්. එයා නාවත් මං එයාව ආරක්ෂා කරනවා. ඒත් එයත් සොං ඊ නූනා වගේ...."
"එහෙම හිතන්නෙපා...සොං ඊ නැති උනේ මං නිසා. මගේ වරද නිසා. ඒත් ඔයා ඒ වැරැද්ද කරේ නෑ"
"හ්‍යුන්ග්.. ඒත් මට මහ අමුත්තක් දැනෙනවා. සූ මින් හරියට මගෙන් වෙන් වෙලාම ගිහින් වගේ එයා කිසිම දෙයක් හිතන්නෑ. මට එයාගේ සිතුවිලි ඇහෙන්නෙත් නෑ"
"ඉස්සෙල්ලම තුවාල ටික සනීප කරගෙන අපි හැමෝම යමු එයාට කතා කරන්න."
"අනිත් අයට ගොඩක් තුවාලද හ්‍යුන්ග්?"
"ම්ම්..හැමෝටමනම් අමාරු නෑ. ඒත් කුකීට පොඩ්ඩක් බරපතලයි. එයාගේ බෙල්ලට වැදුන දත් පාරක් නිසා..."
"ටේහ්‍යොන්?"
"මටත් බය එයා ගැන. කුකීට මොනාහරි උනොත්.. ඒත් තුවාල ඉක්මනටම හොඳ උනොත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් කුකී ගැන"
"මේ හැමදේම මං නිසා.. ඔයාලා ඔක්කොවම මං ආයෙමත් කරදරේක ඇඳලා දැම්මා. මට හරි විදියට මේ උරුමය පාලනය කරගන්න බෑ වගේ"
"යුංගියා! ඔයා තමයි මේ හැමදේම හරිම උරුමක්කාරයා." ජින් හ්‍යුන්ග් යූංගිගේ තුවාල ඔක්කොටම මේ කතාබහත් එක්කම බෙහෙත් දැම්මා.
-
( සූ මින් ගේ ගෙදර )
"ඇයි ඔයාලා අප්පාව හොස්පිට්ල් එකට එක්කගෙන යන්නැත්තේ?"
J : "සූමී සන්සුන් වෙන්න. මාක් කියන්නේ ඩොක්ටර් කෙනෙක්."
"අප්පා!" සූ මින් එයාගේ පවුලට ළං වෙලා හිටියේ නැති උනත් එයා පවුලේ අයට ගොඩක් ආදරේ කරා.
12.PROMISE | 🍀
Start from the beginning