29 කොටස

2.3K 437 137
                                    

-" දැන් මොකද මෙයාට කරන්නේ.. "

මම ඇහුවේ කවුච් එකේ සිහිනැතිව වැටිලා ඉන්න හොබී දිහා බලන ගමන්.. ටේයොන් එක්කෙ කුකී එකතු වෙලා එයාව කවුච් එක උඩින් තිබුනත් එයාට සිහිය එන පාටක් තිබුනේ නෑ..

-" වතුර ටිකක් ඉහිමු.."

-" මේස් එකක් නහයට අල්ලමු.."

-" කෘතීම ස්වසනය දෙමු.. "

ටෙයොන්, කුකී, වීනු තුන්දෙනා තුනක් කියද්දි මම කෘතීම ස්වසනේ යෝජනා කරපු වීනු දිහා හැරිලා බැලුවා..

-" ඔයා කෘතීම ස්වසනේ දෙද්දි මෙයා ඇහැරුනොත් ආයේ බයටම හාට් ඇටෑක් එකක් ඒවි මේ කොල්ලට.. මම කියන්නම්.. ඔහොමම නින්ද යන්න බෙහෙත් ටිකක් දෙමු.. හෙට උදේට අනිත් ප්‍රශ්න කතා කර ගමු.. "

මම කිව්වේ ඈනුමක් අරින් ගමන්.. දවසෙම තෙහෙට්ටුව නිසා මගේ ඇගට දැනුනේ අපහසුවක්..

-" රෑට මෙයා කවුච් එකේ හිටියොත් මම කොහෙද ඉන්නේ.. "

ටේයොන් ඇහුවේ ටිකක් අකමැත්තෙන් වගේ..

-" Pfff.. කවුච් එකේද නිදාගන්නේ ? "

කුකී අතින් කට වහගෙන නෝන්ඩියට ටේයොන් දිහා බැලුවා..

-" මෙයා කවුච් එකේ නිදාගන්නේ කියලා මුලු පැක් එකම දන්නවා.. "

වීනුත් නෝන්ඩියට වගේ කියනකොට ටේයොන් ඒ දෙන්නා දිහා රවලා බලලා මගේ දිහා බලලා මූණ පුම්බගත්තා..

-" එක්කෝ මෙයාව උස්සගෙන යන තැනකට යන්න.. නැත්නම් මෙයා මෙතන තියලා ඔයාලා තම තමන්ගේ කැබින් වලට යන්න.. "

මම කිව්වත් ටේයොන් , වීනු දෙන්නම කලබලෙන් හිටගෙන හිටපු තැන් වලින් නැගිට්ටා..

-" ඒක නම් කොහෙත්ම කරන්න විදියක් නෑ.. ඔයාත් එක්ක මෙයා එක කැබින් එකේ ඉන්න.. බෑ.. "

වීනු එකහෙලාම අකමැත්ත ප්‍රකාශ කරාම ටේයොන් ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා..

-" ඇයි බැරි ? "
මම ඇහුවේ තරහින්..

-" ඔයාගේ රට් එකට දින ලගයි දැන්.. කොයි වෙලාවෙද කියන්න බෑ.. ඒ නිසා මම අවදානම්ක් ගන්න කැමති නෑ.. "

වීනු තරහින් කියවගෙන යද්දි මම ඇස් ලොකු කරගෙන ටේයොන් දිහා බැලුවා.. එයත් මගේ දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ.. මම එයාගේ ඇස් මගෑරියේ ලජ්ජාවෙන්. මේ වීනුත් මොනවා කියවනවද මන්දා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now