28 කොටස

1.2K 426 137
                                    

-" උඩ හිටපු කෙනා.. "

වීනු කිව්වම මට එයාගේ නම මතක් උනා..

-" ඔහ්.. හොබීද? "

-" හොපී ?"

-" හොබී.. "

-" හො.. මොකක්ද ? "

-" බී.. "

-" පී ?"

-" නෑ.. බී.. මොන මගුලක්ද ? හොබී.. හොබී.. නම හොබී.. "

-" මොකද මේ දෙන්නා එක්ක හොබී හොබී ගාන්නේ.."

එක පාරටම එතනට ආපු ටේයොන් ඇහුවේ පොඩ්ඩක් ඉරිසියාවකින් වගේ.. මමයි වීනුයි මූනට මූන බලාගත්තා..

-" නෑ.. මේ.. මෙයා කියනවා හොපී හැන්සම් කියලා.. "

වීනු ඇගට පතට නොදෙනෙන්න කියලා ආයෙම කැබින් එක ඇතුලට රිංගන්න හැදුවා..

-" හොබී.. පී නෙවෙයි බී.. "

මමත් එහෙම කියාගෙන එයාගේ පස්සෙන් යන්න හැදුවත් ටේයොන් මගේ අතකින් ඇදලා නවත්තගත්තා..  මමත් වීනුගේ අතකින් ඇද්දේ එයාවත් නවත්තගන්න බලාගෙන.. අපි තුන් දෙනා එක පෝලිමට අත් වලින් අල්ලගෙන හිටියේ..

-" මටත් වඩා හැන්සම්ද? "

ටෙයොන් ඉරිසියාවකින් වගේ ඇහුවම මම ඇස් රෝල් කරලා ආයේ වීනූගේ පැත්ත හැරුනේ එයාට උත්තර නොදී..

-" දැන් කොහෙද යන්න හදන්නේ.. "

-" එයාට කියන්න.. "

-" මොකක්ද ? ඔයා මගේ ජන්ග්.. මගේ පරණ ආදරේ කියන්නද? "

-" මොකක්? ඔයාගේ ආදරේ ?.. ජන්ග්.. ? ඔයා කොහොමද එයාගේ සර්නේම් එක දන්නේ.. කොහොමද හොබීව අදුරන්නේ.. "

වීනු මට උත්තර දෙන්න කලින් ටේයෝන් මගේ උරහිස් හොල්ල හොල්ල ඇහුවේ  කලබලෙන් වගේ.. මම නෙමෙයි එයාගේ පරණ ආදරේ වීනු කියලා මම කියන්න කට ඇරියත් වීනු මට කලින් ඉස්සර වෙලා ටේයොන්ගේ ඉස්සරහට පැන්නා..

-" එයාගේ සර්නේම් එක ජන්ග්ද? "

වීනු ඇහුවේ හරිම උද්‍යෝගෙකින් හිනාවෙලා.. ටේයොන් කන්ෆියුස් වෙලා වගේ හිමීට ඔලුව වැනුවා..

-" මරු.. ඔයා හිතන්නේ එයා ජන්ග්ගේ නෑයෙක් කියලද? "

මම ආයෙම උත්තරයක් දෙන්න කට ඇරියත් ආයෙම මට කලින් ටේයොන් ඉස්සර උනා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now