21 කොටස

1.3K 442 156
                                    

මේසේ දෙපැත්තේ වාඩි වෙලා කෑම ටික හිමීට කාලා ඉවර වෙනකන්ම අපි දෙන්නා අතරේ තිබුනේ සන්සුන් නිහඩතාවයක්.. ඒක ඇත්තටම පොඩ්ඩක් වත් අපහසු නිහඩතාවයක් නෙවෙයි.. මට දැනුනේ සැනසීමක්..

බේටා දිගින් දිගටම එයාගේ කෑම එකයි මගේ මූනයි මාරුවෙන් මාරුවට බලනවා මට දැනුනත් මම ඔලුව උස්සන්නේ නැතුවම අන්තිම මීට් කෑල්ලත් කට ඇතුලට දාගත්තා.. වතුර එක අතට ගන්නකොටම බේටා ආයෙම මගේ දිහා බැලුවා..

-" දෙයක් අහන්නද? "

එයා ඒක ඇහුවේ පැකිලීමකින් වගේ.. මම ආයේ තරහ ගනීවි කියලා එයා බය වෙන්න ඇති..

-" ඔයාගේ සෙන්ට් එක මොකක්ද කියලා නැතුව වෙන ඕන දෙයක් අහන්න.. "

මම උත්තර දුන්නේ පොඩි හිනාවක් මූනේ තියාගෙන.. ඒකෙන් එයාගේ මූනෙ තිබුනු පැකිලීම නැතිවෙලා එයාගේ මූණටත් හිනාවක් ආවා..

-" ඔයා කැමතිම මල මොකක්ද ? "

බේටා ඒ අහපු ප්‍රශ්නේ නම් මම බලාපොරොත්තු උනු එකක් නෙවෙයි.. කැමතිම මලක්.. මම ඇත්තටම එහෙම විශේශ මලකට ආස නෑ.. ඒත් මෙයා ඇයි මේක අහන්නේ.. මෙයා මට මල් ගෙනත් දෙන්නද හදන්නේ..

මම කල්පනා කරන අතරේ බේටා මගේ දිහා බලන් හිටියේ කුතුහලේකින්.. මම පොඩි හිනාවක් මූණට ගත්තා.. මෙයා මට මල් ගෙනත් දෙන්න නම් හදන්නේ ලේසි පහසු මලක් කියලා බෑනේ.. මේ කාලේ හොයාගන්න බැරි, හිමේ පිපෙන්නේ නැති මලක් කියන්න ඕන..

-" රෝස.. මම ආසම රෝස වලට..

දැන් හොයපන්කෝ රෝස.. මම හිතෙන් හිනාවෙන ගමන් බේටාගේ මූණ දිහා බැලුවේ ඇඹුල් උනු මූණක් බලාපොරොත්තුවෙන් උනත් මම දැක්කේ බේටාගේ හිනා මූණ.. මම ආයේ ඇහුබැමක් ඉස්සුවේ මොකද හිනාවෙන්නේ කියලා අහන්න..

-" ඒ කියන්නේ ඔයාට මම ගාව එන්නේ රෝස සුවදක්ද? "

බේටා එකපාරටම ඇහුවම මට ගියේ ලොකු හිනාවක්.. අතින් කට වහගෙන මේසෙට මූණ  ඔබාගත්තත් මට හිනාව නවත්තගන්න බැරි උනා..  අමාරුවෙන් හිනාව පාලනය කරගෙන කදුලු පිහි දදා මම ආයේ බේටාගේ දිහා බැලුවා.. මගේ හිනාව දැකලද කොහෙද එයාගේ මූණ වෙනස් වෙලා තිබුනේ.. මට හිතන්නේ ලජ්ජා හිතුනා වෙන්න ඕන.. එයාගේ කන් දෙක රතු වෙලා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now