23 කොටස

2K 438 98
                                    

පැයකට පස්සේ වීනුත් එක්කම මේන් ගේට් එක ලගට වෙලා හිටියේ බේටා එනකම්.. මේන් ගේට් එක ලග හිටිය මීහා මාව දැකලා මම ළගට ආවා.. මීහා මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් වගේම එයා මගේ මීරා උන්නිගේ ලගම යාලුවෙක්.. ඒ නිසා මටත් එයාව මගේම සහෝදරියක් වගෙයි දැනුනේ..  එයා මගේ ප්‍රධාන බේටා විදියට තෝරගන්න එක හේතුවක් ඒක.. අනික තමයි එයාගේ තිබුනු දක්ශ කම.. යොන් වගේම අශ්වයෝ පදින්න එයාට තිබුනේ ලොකු හැකියාවක්.. බාදක මැද අශ්වයා පදින තරගෙන් මීහා වගේම මීහාගේ අශ්වයා එක දිගට අවුරුදු 3 ක් දිනුව නිසා පැක් එක අතරත් එයාට ලොකු පිලිගැනීමක් තිබුනේ..

-" හෙඩ් ඇල්ෆා.. "

එයාගේ මූණෙන් එයා කියන්න හදන්නේ සීරියස් දෙයක් කියන එක මට තේරුනා.. මම වගේම වීනු එයා දිහා බැලුවේ කුතුහලේකින්..

-" බැන්ග්ටන් පැක් එක මෙහාට ආපු එකට සමහරු එච්චර කැමති නෑ වගේ.. මොනා උනත් අපේ පරණ හෙඩ් ඇල්ෆා මැරුනේ එයාලාගේ අතින් නේ.. මම මේ කිව්වේ එයාලට කරදරයක් වෙයිද කියන බය නිසා.. පප්ස්ලත් ඉන්නවනේ.. පොඩ්ඩක් පරිස්සමින් ඉන්න කියන්න.. "

මීහා බරපතල පෙනුමකින් කිව්වම අපි දෙන්නම ඔලුව වැනුවේ තේරුනු බව කියන්න.. මගේ පාලනයට අකමැති අය කීප දෙනෙක් ඉන්න නිසා මේ බැන්ග්ටන් පැක් එක ආපු එකත් එයාලා වාසියකට හරවගන්න හදන බව මට තේරුනා.. මම තොලත් හපාගෙන කල්පනා කරන අතරේ මීහා මගේ පිටට තට්ටු කරා..

අපි තුන් දෙනාම ගැස්සිලා ගියේ අපි ලගට කවුරු හරි දුවන් එන සද්දයක් ඇහිලා.. ඒ එක්ක්ම මගේ මූණ ඉස්සරහට ෆයිල් මිටියක් දික් උනා..

ටේයොන් හිටියේ එක අතක් ඉනට තියාගන් දෙකට නැවිලා හති දදා.. එයාගේ අනික් අත ෆයිල් ටිකත් එක්කම මගේ මූණ ඉස්සරහට දික් කරගෙන.. මම කට කොනකින් හිනාවෙන ගමන් ෆයිල් මිටිය මගේ අතට අරගෙන පෙරලන්න පටන් ගත්තා..

මුල් නම ටේයොන්.. හහ්.. අශ්වයෙක් පොඩ්ඩක් ඇල්ලුවා විතරයි තරගෙට නම දාලා..

මම ඊලග කොලේට හැරෙව්වා.. ඒකෙ තිබුනේ සොක් ජින්, ඊලගට නම්ජූන්, ඊලග ජිමින්,

-" මෙයාලා අඩු ගානේ අශ්වයෙක් අල්ලලා වත් තියනවද? "

මම ඇහුවේ ඒ කොල ටික වීනුගේ අතට දීලා අනික් ටික පෙරලන ගමන්.. බේටා හිටියේ නහය උඩ කහ කහ..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now