15 කොටස

1.5K 463 156
                                    

බේටාගේ තොල් තිබුනේ මගේ බෙල්ලේ.. මම අත් දෙකෙන්ම එයාව තල්ලු කරන්න හැදුවත් බාගෙට පරිවර්තනය උනු එයා එක්ක මගේ මිනිස් ශක්තියෙන් එයාව තල්ලු කරන්න බෑ කියන එක මට තේරිලයි තිබුනේ.. එයාගේ වැඩි වෙන චොක්ලට් සුවදයි මගේ බෙල්ල දිගේ යන එයාගේ තොල් වල පහසත් එක්ක මගේ ඇල්ෆත් එලියට එන්න හදන බවක් මට තේරුනත් මම දත් මිටි කාගෙන හිටියේ ඇල්ෆා එලියට එන එක වලක්වගන්න.. මේට් මෙච්චර ලගින් ඉන්න නිසා සතුටින් උඩ පනින ඇල්ෆා එලියට ආවොත් නම් බේටා මාව මාක් කරන්න කලින් මම බේටව මාක් කරාවි.. සමහර විට මාක් කරලා විතරක් නවතින එකකුත් නෑ.. මම ඇස් දෙකත් පියාගෙන තොලත් විකාගෙන ආයෙම සැරයක් බේටාව තල්ලු කරන්න උත්සාහ කරා..

-" ජියා.. මාර ප්‍රශ්නයක්.. "

එක පාරටම කෑ ගහන සද්දයක් එක්ක දඩස් ගාලා රූම් එකේ දොර ඇරගෙන ආවේ වීනු.. වීනුගේ කෑ ගහන සද්දෙට ගැස්සුනු බේටා එහෙමම හිටපු විදියට ගල් වෙද්දි මම බේටාව පපුවට අත තියලා මගේ ඇගෙන් තල්ලු කරන ගමන් කෙලින් වෙලා අත මිට මොලවලා බේටාගේ මූනට පාරක් ගැහුවා.. තාමත් බාගෙට පරිවර්තනය වෙලා හිටපු නිසා එයාට ඒක සැරට නොදැනෙන්න ඇති.. ඒත් යන්තම් තොල පැලිලා ලේ ආපු බව දැක්කත් මගේ තරහ අඩු උනේ නෑ..

බේටා හිටියේ කන්ෆියුස් වෙලා වගේ.. ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් ඉන්න බේටා දිහා රවලා බැලුවේ ආයේ මට ලං වුනොත් තව පාරක් දෙන්න ලෑස්ති වෙලා....

ඔය අතරේ මම පලවෙනි වතාවට වීනුගේ කඩාගෙන බිදගෙන ඇතුලට එන පුරුද්දට හිතින් පින් දුන්නා..

ටික වෙලාවකින් බේටාගේ ඇස් ආයේ පරණ තත්වෙට පත් වෙනවත් එක්කම එයාගේ කන් දෙකත් ලජ්ජාවෙන් රතු උනා.. එයාට දැන් වෙන්න ඇති තේරුනේ එයා කරන්න ගියපු දේ.. දෙන්නගෙම කැමැත්ත නැතුව කෙනෙක් බලෙන් මාක් කරන එක වෘකයෝ අතරේ හොද දෙයක් විදියට පිලිගත්ත දෙයක් නෙවෙයි..

-" අම්ම්ම්.. සොරි.. මම හිතලා කරේ නෑ.. ඒ මගේ වුල්ෆ්.. චෙරි සුවද නිසා.. "

බේටා නිදහසට කරුනු කියන්න ගත්තත් එයා කියන එක නවත්තන්න කියන්න මම අතක් උස්සලා වීනු දිහා බැලුවා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Onde as histórias ganham vida. Descobre agora