8 කොටස

1.6K 436 28
                                    

මම ඇස් වහගෙනම කැබින් එකේ දොර ඇරලා ඈනුමක් යවන ගමන් අත් දෙකම් උස්සලා හිරි ඇරියා..
ඇස් වහගෙන දොර ලගට ඇවිත් මගේ කැබින් එකෙන් එලියේ තියන විල දිහා බලාගෙන ඇස් අරින එක මට තිබුනු පුරුද්දක්.. ඒකෙන් දවස වාසනාවන්ත වෙන බවක් මම විශ්වාස කරා..

චොක්ලට් සුවදක් එන්නේ මොකද මන්දා.. අර බේටාගේ සුවද මට තාමත් දැනෙනවා දැනෙනවා වගේ..

එහෙම හිතන ගමන් අත් දෙකත් පහල දාලා මම හිමීට ඇස් ඇරියත් හිම මිදුනු විල වෙනවට මගේ ඇස්වලට අහුවුනේ

බේටා??

මම ආයේ ඇස් පිහිදාලා බැලුවේ මම දකින්නේ හීනයක්ද කියලා හිතාගන්න බැරි උනු නිසා.. ඒ එයාම තමයි.. කලු පාට කලිසමට තනි සුදු හිම වගේ ටී එකක් ඇදලා මූනේ ලොකු හිනාවක් එක්ක.. මේකා මගේ කැබින් එක ඉස්සරහා මොකක් කරනවද? මම සිහිය ආපු ඊලග තත්පරේම දඩස් ගාලා දොර වැහුවේ මම ඇදන් ඉන්න ඇදුම මතක් මතක් වෙලා.. රතු පාට චෙරිගෙඩි තැනින් තැන තියන රෝස පාට පිජාමා එක නම් මගේ ඇල්ෆා ප්‍රයිඩ් එකට කොහෙත්ම ගැලපෙන ඇදුමක් නෙවෙයි..

මම මයින්ඩ් ලින්ක් එකෙන් මීහාව සම්බන්ධ කර ගන්න හැදුවේ තරහයි ඇතිඋනු ලජ්ජාවයි දෙකම නිසා..

-" මීහා.. මේ බැන්ග්ටන් බේටා මොකක්ද උදේ පාන්දරම මගේ කැබින් එක ඉස්සරහා කරන්නේ.. "

මම තරහෙන්ම ඇහුවේ මීහා ගේට් එක බාරව ඉන්න නිසා.. මීහා නොදැන කවුරු උනත් පැක් එකෙන් එලියට යන්න හරි ඇතුලට එන්න හරි විදියක් කොහෙත්ම නෑ..

-" අහ්.. එයා ඔයාව හොයාගෙන උදෙන්ම ආවා ඇල්ෆා.. "

-" කව්ද එයාට ඇතුලට එන්න අවසර දුන්නේ.. මම කියලා තියනවා මගෙන් අහ්න්නේ නැතුව කවුරු උනත් පැක් එක ඇතුලට ගන්න එපා කියලා.. "

-" ඒත්.. එයා.. ඇල්ෆාගේ මේට්.. "

මීහා බයෙන් වගේ උත්තර දුන්නම් මගේ තරහා තවත් වැඩිඋනා..

-" කව්ද කිව්වේ එයා මගේ මේට් කියලා .. එයද කිව්වේ ? කවුරුහරි මගේ මේට් කියල කියුව ගමන් ඇතුලට එන්න දෙනවද?"

-" න්.. නෑ.. ඇල්ෆා.. ඊයේ මායාකාරි පැක් එකේ හැමෝටම එයාගේ ෆෝන් එකේ තිබුනු පිංතූරයක් පෙන්නුවා ඇල්ෆාගේ මේට් කියලා.. ඉතිං මම උදේ එයා ගේට් එක ගාව ඉන්නවා දැක්ක ගමන් එන්න දුන්නා.. "

මීහා බයෙන් බයෙන් කිව්වම මම තරහින් අත ගුලි කරගත්තේ මායාකාරිගේ බෙල්ල මිරිකනවා කියලා හිතාගෙන..

ඇදුමකුත් මාරු කරගෙන එලියට බැස්සේ මේ බේටා ආයෙ මොකට ආවද කියලා හිතන ගමන්මයි.. එලියට බහිනකොටත් එයා හිටියේ කලින් හිනාවෙන්මයි..

-" කොහොමද මගේ කැබින් එක හොයාගත්තේ.. "
මම ඇහුවේ හිනාවක් නැති මූනෙන්..

-" චෙරි සුවදින්.. "

එයා හරිම සිම්පල් විදියට කියලා ආයේ හිනාවුනා..

-" ඇයි ආවේ.. "

-" මම ඇතුලට එන්නද? "

බේටාට ඇතුලට එන්න ඉඩ දීලා මම දොර ගාවින් ඈත් උනේ එයා මාව පහු කරලා කැබින් එක ඇතුලට ගිහින් පුටුවක් වාඩි උනා.. මමත් ගිහින් එයාගේ ඉස්සරහින් වාඩි උනත් එයා හිටියේ මගේ කැබින් එක ඇතුලේ සිරි නරඹන ගමන්..

-" මේක ඇතුලේ චෙරි සුවදයි.. "

-" කාරනේට එන්න.. ඔයා ඇයි ආයේ ආවේ.. "

-" අම්ම්.. මේකයි.. මම ඊයේ යුන්ගි හ්‍යුන්ග්ට ඔයා මගේ මේට් කියලා කිව්වා.."

එයා කිව්වේ ලජ්ජාවෙන් වගේ මගේ දිහා බලන් ගමන්.. ඊට පස්සේ සාක්කුවක තිබිලා පොඩි පෙට්ටියක් අතට ගත්තා..

-" හ්‍යුන් කිව්වා ඔයාලගේ සාම්ප්‍රදායක් තියනවා කියලා මේට්ගේ අතට බ්‍රේස්ලට් එකක් දාන.. "

එයා පෙට්ටිය ඇරලා ගත්තේ මුතු අමුනපු පොඩි බ්‍රේස්ලට් එකක්..

-" මේක ඔයාට.. "

බේටා ඒක මගේ දිහාට දික් කරත් මම ඒක ගන්නේ නැතුවම ටිකක් වෙලා බේටාගේ දිහා බලාගෙන හිටියා.. වුල්ෆ්ලා දෙන්නෙක් මේට් වෙන දවසට බ්‍රේස්ලට් දාන එක අපේ සම්ප්‍රදාය උනත් එහෙම කරන්නේ අවුරුද්ද අවසානේ තියන මේටින් සෙරමනි එක දවසට.. ඒකත් හරි කියමුකෝ.. ඒත් මම මේකව මේට් කරගන්නේ නෑ කියලා දැන් කී සැරයක් කිව්වද?

-" මිස්ට බේටා .. "

මම දන්නවා ඔයා කියන්න හදන දේ.. තව පැයකින් මගේ ෆ්ලයිට් එක තියනවා.. සමහර විට මම ඔයාව දකින අන්තිම දවස අද වේවි..

බේටා මගේ ඇස් දිහා බලාගෙනම කිව්වත් බ්‍රේස්ලට් එක ගන්න මගේ අදහසක් තිබුනේ නෑ.. මම හිනාවක් නැති මූනෙන්ම බේටා දිහා බලාගෙන හිටියා..

-" මට ඇල්ෆා කියලා කිව්වොත් ගන්නම්.. "

මම කට කොනකින් හිනා වෙලා එහෙම කිව්වම බේටාගේ මූන වෙනස් උනා.. එයා මොනවහරි කියන්න හැදුවත් මම කළබලෙන් නැගිට්ටේ එලියෙන් ඇහුනු කෑ ගහන සද්දේ නිසා..

----------------
පොඩි කොටස් නිසා කොටස් කීපයක් එක සැරේ අප්ඩේට් කරනවා.. කොටස් මග ඇරගන්නේ නැතුව කියවන්න..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now