22 කොටස

1.3K 427 84
                                    

-" අර බැන්ග්ටන් බේටා මොකද ශැඩෝ එක්ක කරන්නේ.. කොහොමද ශැඩෝ එයත් එක්ක යාලු උනේ.. "

මම ආයෙම ඇහුවේ ඒ පැත්ත බලන ගමන්.. ටේයොන් ශැඩෝට ඇපල් ගෙඩි වගයක් කවන ගමන් කාටද අත වැනුවා.. එයා අත වනන පැත්ත බැලුවම මම දැක්කේ ටේයොන්ට අත වන වන මගේ පැත්තට එන වීනුව..

-" දන්නේ නෑ ඇල්ෆා.. ඒත් එදා වැරදිලා ඇල්ෆගේ මේට්ට ගැහුවට පස්සේ ඉදලා ශැඩෝ එයාත් එක්ක යාලුයි වගේ.. සමහර විට ශැඩෝට දුක හිතුනද දන්නේ නෑ.. "

යොන් කිව්වේ ආයෙම ශැඩෝගේ පැත්ත බලන ගමන්.. ශැඩෝට දුක හිතුනු කතාව කියපු ගමන් මට හිනාවක් ගියේ යොන්ගේ බොලද බව මතක් වෙලා.. යොන් අශ්වයොන්ට ගොඩක් ආදරේ බව පැක් එකේ හැමෝම දැනන් හිටපු කාරණයක්.. හැඩි දැඩි ඇල්ෆාගේ යටින් තිබුනේ ළමයෙක්ගේ වගේ ලාමක හිතක්.. මම එයාව මගේ මේට් කරගන්න හිතුව එක කාරණයක් උනේ ඒක..

අපි දෙන්නම ටිකක් වෙලා ටේයොන්ගේ පැත්ත බලාගෙන කල්පනා කර කර හිටියා.. ටිකකින් අහම්බෙන් වගේ මගේ පැත්ත බලපු ටේයොන් මම ඉන්නවා දැක්කා වෙන්න ඕන.. අපි දෙන්නගේ ඇස් හම්බ උනාම එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා.. මම හිනානොවීම ආයේ හැරුනේ යොන් දිහාට..

-" එහෙනම් මෙහෙම කරමුද යොන්.."

මම ඇහුවේ සීරියස් පෙනුමක් මූණට ගන්න ගමන්..

-" අපි ආයේ ශැඩෝව කුලප්පු කරලා දුවන්න දාමු.. මේ සැරේ යොන් ශැඩෝගේ ඉස්සරහට පනින්න.. ඊට පස්සේ යොන් එක්කත් ශැඩෝ යාලු වෙයි.. "

මම එහෙම කියපු ගමන් යොන් ගැස්සිලා මගේ දිහා බැලුවා.. එයාගේ මූණේ තිබුනේ බයක්..  මම හිටියේ හිනාව තද කරගන්න විදියක් නැතුව..

-" ඇල්ෆා.. ඇල්ෆට මාත් එක්ක මොකක් හරි තරහක් තියනවද? "

යොන් ඇහුවම මගේ හිනාව පුපුරලා ගියා.. මම හිනාවෙනවා දැකලා යොන්ගේ මූණෙ සැනසිලිදායක හිනාවක් ඇදුනා.. මම විහිලුවක් කරේ කියලා මිනිහට තේරුනේ දැන් වෙන්න ඕන..

-" මෝඩ හෙඩ් ඇල්ෆා කරොත් කරන්නේ ඔහොම මෝඩ යෝජනාවක් තමයි.. තව ඩිංගෙන් මේ අසරණයට හාට් ඇටෑක් එකක් එනවා.. "

වීණු එහෙම කියාගෙනම මගේ ළගට ආවා.. අපි දෙන්නම තාමත් හිටියේ හිනාවෙවී..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now