19 කොටස

1.3K 448 165
                                    

කැබින් එක ඇතුලේ ඉතුරු උනු කට්ටිය තාමත් හිටියේ හිටපු ඉරියව්වෙන්ම තමයි.. ටිකකින් මගේ එහා පැත්තේ හිටපු ටේයොන් ඔලුවත් බිමට නවාගෙනම කාමරයක් ඇතුලට ගියේ අනිත් අයට එක්ස්කියුස් කරන ගමන්.. සමහර විට මගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියපු එකට එයාට දුක හිතෙන්න ඇති..

මම අපහසුවෙන් වගේ අනිත් අයත් එක්ක හිනාවෙලා මෙතනින් යන්න හැරුනත් කැබින් එක ඇතුලට ඇවිදගෙන ආපු අපේ පැක් එකේ එල්ඩර්ව දැකලා මම එහෙමම ගල් උනා.. බ්ලැක් වුල්ෆ් එල්ඩර් සාමාන්‍යයෙන් හද්සි කාරණයක් ඇරුනම එයාගේ කැබින් එකෙන් එලියට බහින්නේ නැති නිසා එයා මෙතනට ආපු එක මගේ පුදුමෙට කාරණයක් උනා.. වීනුත් මගේ දිහා බැලුවේ පුදුමෙන්..

-" මම ආවේ වයිට් වුල්ෆ්ව බලන්න..  මම පොඩි කාලේ හිටපු එල්ඩර්ස්ලාගෙන් වයිට් වුල්ෆ්ලා ගැන අහලා තිබුනට මම කවදාවත් කෙනෙක් දැකලා නෑ.. "

එල්ඩර් කිව්වේ කෙලින්ම ඔලීගේ ලගට යන ගමන්.. අපි අතර තිබුනු අමිහිරි නිහඩතාවය එල්ඩර් ආපු එකෙන් බිදුනු නිසා මොකක් හරි හේතුවකට එල්ඩර් මෙතනට ආපු එක ගැන මට සතුටු හිතුනා..

-" මමත් වයිට් වුල්ෆ් කුමාලියෙක්.. "

ෆෙලී එයාගේ ඔම්මාගේ ඉස්සරහට පැනලා කිව්වම එල්ඩර් එයාගේ ඔලුව අත ගෑවා..

-" ඔයා පරිවර්තනය වෙනකම් මම ජීවත් වෙන එකක් නෑ දරුවෝ.. ඒත් මට හරිම සටුටුයි වයිට් වුල්ෆ්ලා මෙතනින් ඉවර නොවෙන එක.. එයාලා හරිම දුර්ලභ වුල්ෆ් කොට්ටාශයක්.. "

එල්ඩර් ආයෙම කිව්වම ඔලීගේ මේට් ඇල්ෆා හිනාවෙවී ෆෙලීව ලගට ඇදලා ගත්තා..

-" තවත් එහෙම වෙන්නේ නෑ එල්ඩර් ආච්චි.. අපි තව වයිට් වුල්ෆ්ලා රංචුවක්ම හදන්න හිතාගෙන ඉන්නේ.. "

- " අපෝ ඔව් ඔව්.. දැන් අවුරුදු 4 ක් තිස්සේ ට්‍රයි කරනවා නේද.. කට විතරයි.. වැඩ නෑ.. "

සේරි එහෙම කිව්වම කැබින් එකේ ඉන්න හැමෝම හිනා උනත් ජිමින් මූණ අකුලගත්තා.. ඒකා ඇල්ෆා කෙනෙක් වගේ නෙවෙයි හැසිරෙන්නේ..

-" හරි හරි ඉන්නකෝ.. ඩේලි ඉන්පුට් කරනවා.. අවුට්පුට් එක එන්න ටිකක් කල් යාවි.. ඒත් අපි වැඩේ අතාරින්නේ නෑ.. "

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Opowieści tętniące życiem. Odkryj je teraz