10 කොටස

1.4K 425 58
                                    

-" හෙට යවන්න.. එයා බේටා කෙනෙක් නිසා සනීප වෙන්නම දවස් තුනක් වත් යනවා කියලා එල්ඩර්ස්ලා කිව්වා.. අනික මම බැන්ග්ටන් පැක් එකට පනිවිඩේ කිව්වා.. එයාලා හෙට උදේ වෙනකොට මෙහාට ඒවි.. "

වීනු මල්ලත් කරට දාගෙන යන්න ලෑස්ති වෙලා කිව්වම මම ගැස්සිලා ගියා..

-" මොකක්.. "

මම කෑ ගහගෙන නැගිට්ට පාර වීනු ගැස්සිලා අඩියක් පස්සට ගත්තේ මගේ දිහා ඇස් ලොකු කරලා බලන ගමන්..

-" ඔයා මොකටද බැන්ග්ටන් පැක් එකට කියන්න ගියේ.. එයාලා මොකටද මෙහේ එන්නේ.. "

මම තරහින් ඇහුවත් වීනු සන්සුන් විදියට මගේ දිහා බැලුවා..

-" ජියා.. බැන්ග්ටන් පැක් එක එයාගේ පවුල.. එයාලා මේක දැනගන්න ඕන.. අනික ඔයා එයාලා එනවට අකමැති ආකි නිසානම් එයාලා ආකිගෙත් පවුල කියලා මතක තියාගන්න.. "

වීනු කියපු ගමන් මම මේසේ උඩ තිබුන වාස් එක අරන් පොලවේ ගැහුවේ තරහින් වීනු දිහා බලන ගමන්.. මගේ ඇස් රතු වෙලා ඇල්ෆා එලියට ආව බව මට දැනුනා..

-" ආකිගේ ඉන්න එකම පවුල මම.. "

මම කෑ ගැහුවත් වීනු මගේ ඉස්සරහා පුටුවෙන් සන්සුන් විදියට වාඩි උනේ මගේ ඇස් දිහා බලන ගමන්..

-" ජියා.. ආකිට දැන් අවුරුදු 8ක්.. එයාට දැන් දේවල් තේරෙනවා.. එයා දැනගත්තොත් ඔයා එයාව එයාගේ අබොජිගෙන් මෙච්චර කල් ඈත් කරලා තියාගත්තා කියලා ඔයා මොකක්ද එයාට දෙන උත්තරේ.. "

වීනු මගෙන් ඇහුවත් මට ඒකට දෙන්න උත්තරයක් තිබුනේ නෑ.. මම පන නැතුව ආයේ පුටුව උඩට වැටුනේ ඇස් වලින් එන කදුලු නවත්තගන්න උත්සාහ කරන ගමන්..

-" දැන් සන්සුන් වෙන්න.. අනික ආකිගේ ස්කූල් නිවාඩු දෙන්න තව සති දෙකක්ම තියනවනේ.. මෙයාලා යනකම් එයා හොස්ටල් එකේ පරිස්සමින් ඉදීවි.. "

වීනු කිව්වේ ඉන්න තැනින් නැගිටලා හිමීට මගේ ඔලුව අත ගාන ගමන්..

අපි දෙන්නම ටිකක් වෙලා සද්ද නැතුව අපේ කල්පනා ලෝකවල තනිවෙලා හිටියා..

ඇත්තටම ආකි මාත් එක්ක තරහ වේවිද? නෑ නෑ.. එයා මට ආදරෙයි..

මම මගේ හිත සනසගන්න උත්සාහ කලා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now