26 කොටස

1.3K 406 85
                                    

-" ඔහ්.. එහෙමද? එහෙනම් මම ඔයාට බැට්ල් එකකට චැලේන්ජ් කරන්නම්.. "

එක පාරටම ඇහුනු සද්දෙන් අපි 4 දෙනාම ගැස්සිලා සද්දේ ආපු පැත්ත බැලුවා.. ගන් ටේ කට කොනින් හිනාවෙන ගමන් මගේ ඇස්  දිහා බලාගෙනම මගේ පැත්තට ආවා.. මට දැනුනේ මාව ඉන්න තැනම ගල් වෙනවා වගේ..

-" අපි දෙන්නම දන්නවා කව්ද දිනන්නේ කියලා.. එතකොට මම හෙඩ් ඇල්ෆා වෙනවා.. නිකන්ම පැක් දෙක එකක් වෙනවා.. "

ගන් ටේ ආයෙම කිව්වේ මගේ ලගටම ඇවිත් මගේ කොන්ඩේ අල්ලන්න අත දික් කරන ගමන්..

ඒත් එකපාරට ගෙරවිල්ලක් එක්ක මගේ ඉස්සරහට ආපු මේට් ගන් ටේගේ අත අරගෙන පැත්තකට විසි කරා.. ගන් ටේ ටික වෙලාවකට උනු දේ හිතාගන්න බැරුව ගල් උනත් ආයේ සිහිය ආපු ගමන් මගේ මේට්ගේ බෙල්ලෙන් අල්ලගත්තේ ගොරවන ගමන්.. මම ගැස්සුනත් මට කරන්න දෙයක් හිතාගන්න බැරුව වගේ තාමත් ගල් වෙලයි හිටියේ..

-" කව්ද මේ ලස්සන බේටා.. බ්ලැක් වුල්ෆ් කෙනෙක් නෙවෙයි නේද? "

එයා කිව්වේ අනික් අතේ ඇගිල්ලක් මේට්ගේ මූණ ගාවට ලන් කරන ගමන්.. ගන් ටේගේ ඇගිල්ල මේට්ගේ මූණේ වැදුනු ගමන් මගේ ඇල්ෆා තරහින් පිරුනු බව මට දැනුනා.. මගේ කටින් පිටවුනේ ලොකු ගෙරවිල්ලක්.. මගේ ඇස් වල පාට වෙනස් වෙනවත් එක්කම මගේ ඇල්ෆා එලියට එනවා වගේ මට දැනුනා.. ඒත් එක්කම මට නොදැනිම මගේ අතක් ගන් ටේගේ බෙල්ලේ හිරවුනා.. බෙල්ල තව ටිකක් තද කරන ගමන් ගන් ටේව පස්සට තල්ලු කරගෙන ගිහින් බිත්තියකට හේත්තු කරන ගමන් එයාව යන්තම් උඩට ඉස්සුවේ තව ටිකක් හයියෙන් ගොරවන ගමන්.. ගන් ටේගේ ඇස් තිබුනේ බයෙන් ලොකු වෙලා..

-" මගේ මේට්.. අල්ලන්න හිතන්නවත් එපා.. "

මගේ ඇල්ෆා ගොරෝසු කටහඩකින් කියන ගමන් ගන් ටේගේ බෙල්ල තව ටිකක් තද කරා.. මට මගේ ඇල්ෆගේ පාලනයක් තිබුනේ නෑ..

-" ඕක නවත්තන්න.. මොනවද මේ කරන්නේ.. "

කොරිඩෝ එක ඈතින් කීප දෙනෙක් කෑ ගහන සද්දේ ඇහෙන කොට මම ගන් ටේගේ බෙල්ල පොඩ්ඩක් බුරුල් කරන ගමන් හැරුනේ සද්දේ ආපු පැත්තට.. ටූනමන්ට් එකේ ඕගනයිසින් පැනල් එකේ කීප දෙනෙක් ඈතින් කෑ ගහගෙන අපේ පැත්තට දුවගෙන එනවා දැකපු නිසා මම ගන් ටේ අතෑරලා මගේ ශරීරේ පාලනය අතට ගත්තා.. ගන් ටේ බිම වැටෙනවත් හයියෙන් කහින බවත් ඇහුනත් මම ඒ පැත්ත නොබලා මගේ මේට් දිහා බැලුවා.. එයා හිටියේ මෝඩයෙක් වගේ හිනාවෙවී.. වීනුගේ මූණෙත් යන්තම් හිනාවක් තිබුනා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now