16 කොටස

1.7K 437 137
                                    

ඉක්මනට ලෑස්ති වෙලා වීනුත් එක්කම කැබින් එකෙන් එලියට යනකන්ම මම බේටාගේ මූනවත් නොබලන්න වගබලා ගත්තා..

-" ජියා.. මේට් ගැන තරහ ගන්න එපා.. ඔයා දන්නවනේ වුල්ෆ්ලා උනත් බේටලට ෆෙරමෝන් සුවදක් කියලා ජීවිත කාලෙටම දැනෙන්නේ එයාගේ ෆේටඩ් මේට්ගේ සුවද විතරයි.. ඉතින් ඔයාගේ සුවදට එයාගේ වුල්ෆ් පිස්සු වැටෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.. "

වීනු කියපු දේ ඇත්ත බව තේරුනත් මම එයාට උත්තර නොදී දිගටම කන්ද නැග්ගේ ඔෆිස් එකට යන්න හිතාගෙන උනත් වීනු දිගින් දිගටම කියව කියව මගේ පස්සෙන් ආවා..

-" වීනු ප්ලීස් ඔයා ගිහින් බැන්ග්ටන් පැක් එකේ අය ආවම නවතින්න කැබින් ටිකක් ලෑස්ති කරනවද? අර බේටාටත් එක්කම.. "

මම යන ගමන නවත්තලා ආයෙම  හැරිලා කිව්වම වීනු ඔලුව වනලා හැරුනේ මම මේ වෙලාවේ එයත් එක්ක කතාකරන්න තරම් මානසිකත්වයකින් නෑ කියලා එයාට තේරුනු නිසාද කොහෙද?

මම ඔෆිස් එකට යද්දිත් ‍යොන් ඔෆිස් එක ගාවට වෙලයි හිටියේ.. අතේ ෆයිල් කවරෙකුත් තියාගෙන..

-" ඇයි යොන්.. "

-" මේ තියෙන්නේ ටූනමන්ට් එකට ඕන කරන ඇප්ලිකේශන්.. ඇල්ෆාගේ අත්සන අරන් යන්නයි ආවේ.. "

යොන් කිව්වේ ෆයිල් එක මගේ පැත්තට දික් කරන ගමන්.. මම ෆයිල් එකත් අරගෙන ඔෆිස් එක ඇතුලෙට ගිහින් වාඩිවෙනකොට යොන් මගේ පස්සෙන් ඇවිත් මේසේ ගාවින් හිටගත්තා..

-" ශැඩෝව තාම කන්ට්‍රෝල් කරගන්න බෑ ඇල්ෆා.. අපිට වෙන අශ්වයෙක් ලෑස්ති කරන්න වෙයි.. අපි කෝකටත් කියලා වයිට්ව ට්‍රේන් කරමුද? "

යොන් ඇහුවත් මම මොකුත් නොකියා ඇප්ලිකේශන් එක සයින් කලේ කල්පනා කරන ගමන්.. වයිට් කියන්නේ යොන්ගේ අශ්වයා.. එයත් වේගවත් තමයි.. ඒත් තරගේ දිනන්න එයා ඇති වෙයිද මන්දා..

-" හරි යොන්.. එයාව ට්‍රේන් කරන්න පටන් ගන්න. ඒත් ශැඩෝ හීලකරගන්න පුලුවන් තරම් ට්‍රයි කරන්න.. "

මන් කියනවත් එක්කම ඇහුනේ ඔෆිස් එකේ දොරට තට්ටු කරන සද්දයක් එක්ක පුරුදු රෝස මල් සුවදක්..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now