20 කොටස

1.3K 438 76
                                    

බැන්ග්ටන් පැක් එක හිටපු කැබින් එකෙන් පිටත් උනත් ටිකක් දුර යනකම් මගෙත් වීනුගෙත් අතර කිසිම කතාවක් උනේ නෑ.. අපි දෙන්නම ගම අයිනේ තියන බාගෙට හිම මිදුනු විල ලගට ආවේ දෙන්නම කතා වෙලා වගේ..

යුන්ගි ඔප්පා කියපු දේ කන්වල දිගින් දිගටම දෝංකාර දෙද්දි මම ගලක් උඩින් වාඩි වෙලා අහස දිහා බැලුවේ අබොජිව මතක් කරන ගමන්..

ඇත්තටම අබොජි කරපු දේ හරිද? 

-" වීනු.. "

- " ම්ම්ම්.."

-" ඔයා හිතනවද? සමහර විට අබොජි යුන්ගි ඔප්පාගෙන් උන්නිව වෙන් කරලා ගෙනල්ලා හැංගුවේ නැත්නම්.. සමහර විට උන්නි ජීවත් වෙන්න තිබ්බද? "

වීනුත් මගේ ලගින් වාඩි උනේ ලොකු හුස්මක් පහල දාන ගමන්..

-" වුනු දේවල් වෙලා ඉවරයි ජියා.. අපිට අතීතෙ වෙනස් කරන්න බෑ..  හැබැයි අපිට අනාගතේ වෙනස් කරන්න පුලුවන්.. ආකිට මොකක්ක්ද කරන්නේ කියලා හිතන්න.. එයාව දිගටම ඔයා එයාගේ අප්පාගෙන් වෙන් කරලා තියන්නද හිතන් ඉන්නේ.. අනික ආකි එන එක දවසකින් පහුකරගත්තට මෙයාලා අද හෙට යයි කියලා හිතන්න බෑ.. අර තව ඩබලක් එනවලුනේ අනිද්දට.. "

-" ම්ම්ම්.. මට හිතාගන්න බෑ අවුරුදු 8ට පස්සේ මේ ඔයාගේ අප්පා කියලා කෙනෙක්ව මම කොහොම ආකිට අදුන්නලා දෙන්නද කියලා.. එයා කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.. "

-" ආකිගෙ ප්‍රතිචාරේ කෙසේ වෙතත් මට යුන්ගිගේ ප්‍රතිචාරෙ නම් හිතාගන්න පුලුවන්.. කෝකටත් අදුන්නලා දෙන්න හිතන් ඉන්න වෙලාවට මට පොඩ්ඩක් කලින් කියන්න.. "

වීනු කිව්වේ හිනාවෙවී බිමට නැවිලා ගලක් අරහෙන විලට විසි කරන ගමන්.. ගල ජබොක් ගාලා වතුරට වැටෙන සද්දේ මගේ හිතට සතුටක් ගෙනාවා..

-" ඒ මොකටද? "
මමත් ගල් අහුරක් අරන් උකුල උඩින් දාගත්තේ වීනු වගේම එකින් එක විසි කරන්න හිතාගෙන..

-" එතනින් දුවන්න.. "

-" මරු යාලුවා.. "

මමත් හිනාවෙවීම කියනකොට වීනිත් හිනාවෙලා හුස්මක් පහල දාලා මගේ දිහා බැලුවා..

-" කොහොම උනත් ජියා ආකිට ඒ බේටාගේ ගති ලක්ශන එන්නේ නැතුව මීරාගේ ලක්ශන ආපු එක ගැන මම සතුටු වෙනවා.. එයා හරිම අහිංසක, තැන්පත් ළමයෙක්.."

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now