17 කොටස

1.3K 453 134
                                    

බැන්ග්ටන් පැක් එක ඉන්න කැබින් එක ලගට යන්නත් හැරිලා මම ආයෙම අනික් පැත්ත හැරුනේ මට එකපාරටම එතනට යන්න පැකිලීමක් දැනුනු නිසා.. විශේශයෙන්ම යුන්ගි ඔප්පට මූණ දෙන්න අමාරු ගතියක් වගේ මට දැනුනා.. සමහර විට ඒ මගේ හිතේ හොරයක් තියන නිසාත් වෙන්න ඇති.. මම එහෙමම හැරුනේ වීනුගේ කැබින් එක ලගට යන්න හිතාගෙන..

වීනුගේ කැබින් එක ලගට යනකොටත් වීනු හිටියේ බ්ලැන්කට් වගයක් ඔත ඔත එතන හිටිය අවුරුදු 12 ක විතර පප්ස්ලා දෙන්නෙක්ගේ අතේ ගොඩ ගහන ගමන්..

- " ඔය ටික කලින් යැව්වේ නැද්ද? "

මම ඇහුවේ කැබින් එකේ පුටුවකින් වාඩි වෙන ගමන්..

-" මම කලින් බ්ලැන්කට් වගයක් යැව්වා.. ඒත් එතන පප්ස්ලා වගයක් ඉන්නවා.. එයාලට මේ ටික යවන්නේ.. මෙහේ රෑට තියන සීතල එයාලට දරාගන්න අමාරු වෙයි.."

වීනු අන්තිම බ්ලැන්කට් එකත් නවලා එතන හිටපු පප් කෙනෙක්ගේ අතේ තියන ගමන් එයාලට යන්න කියලා අතින් පෙන්නන ගමන් මගේ ලගින් ඇවිත් වාඩිවුනා..

-" යුන්ගි ඔප්පත් ඇවිත්ද? "

-" ඇවිත් ඇවිත්.. ඔය හිටියේ රවාගෙන.. එයා බේටා කෙනෙක් උනාට තියෙන්නේ ඇල්ෆා කෙනෙක්ගේ තරහ.. "

වීනු තරහෙන් කිව්වත් ආයේ මූනට මනමාල හිනාවක් අරගෙන මම දිහා බැලුවා.. ඒ හිනාවෙන්ම මම දැනගත්තා ඔය නම් කොල්ලෙක් ගැන තමයි කියන්න යන්නේ කියලා..

-" ඒ පැක් එකෙත් මේට් නොවෙච්ච ඇල්ෆා කෙනෙක් ඉන්නවා.. මාර හැන්ඩි.. හිනා වෙනකොට කම්මුලේ හැදෙනවා වලක්.. මට ඒකේ වතුර ටිකක් පුරවලා මාලුවෙක් වගේ පීන පීන ඉන්න හිතුනා.. "

මම හිකිස් ගාලා හිනාවෙන ගමන් නැගිට්ටේ බැන්ග්ටන් පැක් එකට යන්න හිතාගෙන.. වීනු ඔය කියන්නේ නම්ජූන් ඔප්පා ගැන වෙන්න ඇති කියලා මට හිතුනත් නම්ජූන් ඔප්පා එක්ක වීනුගේ ෆෝන් එකෙන් කතා කරපු එක ඇරෙන්න එයාව මම ඇත්තටම දැකලා තිබුනේ නෑ..

-" අනේ මන්දා ඔයාගේ ඔය ඇල්ෆා පිස්සුව.. දැන් ඔයාගේ ජන්ග් ඇල්ෆා කෙනෙක්මයි කියලා කියන්නේ කොහොමද? එයා බේටා කෙනෙක් ඔමේගා කෙනෙක් වෙන්නත් පුලුවන්නේ.. "

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now