ඕතර් note

2.7K 431 131
                                    

මම ටික දවසක ඉදලා කියන්න හිටිය දෙයක් කියන්න හිතුනා.. මම කතාවලට පසුවදන් ලියලා නෑනේ..

ඔයාලා මොකද හිතන්නේ මම කතාවලට ගන්න ගෑනු ළමයින්ගේ චරිත ගැන.. මම හැමතිස්සෙම කොල්ලට වඩා කෙල්ල පුම්බලා පෙන්නනවා නේද?

අපි ඒ චරිත ටික බලමු..

1. නිකී
නිකී කියන්නේ දෙමව්පියොන්ගේ ආදරේ එක්ක හැදෙන කිසිම දෙයක් බරක්පතලක් ගන්නේ නැති ලමයෙක්.. මොකද එයාට විශ්වාසයි එයාට මොනදේ උනත් එයාගේ පවුලේ අය එයා වෙනුවෙන් ඉන්නවා කියන එක..

එයා ජින්ට කැමැත්තෙන් ඉන්න බව මම ඒකේ පෙන්නුවත් ඒක සීරියස් එකක් විදියට එයා නොහිතන බවත් මම පෙන්නුවා.. එයා දග කෙල්ලෙක් තමයි.. ඒත් කුකී එයාට කැමැත්ත පෙන්නද්දි එයා එක පාරටම කුකීට කැමති උනේ නෑ.. එයාට ඕන උනා ඒකට හේතුවක්.. දෙමව්පියන්ගෙන් සහෝදරයන්ගෙන් ලැබෙන ආරක්ශාවම එයාට කුකීගෙනුත් ලැබෙන බවට මොකක් හරි සහතිකයක්.. මම හිතන්නේ පැහැරගත්ත වෙලාවෙදි එයාට ඒ සහතිකේ ලැබෙන්න ඇති.. ඒත් මම ඒ කතාවෙත් නිකී අඩන ළමයෙක් විදියට පෙන්නුවේ නෑ.. එයා අන්තිමේදි උනත් කියනවනේ කුකීට හිත වෙනස් උනොත් කියන්න. එයාට ප්‍රශ්නයක් නෑ කියලා.. මොකද හිතන්නේ ඒ චරිතේ ගැන..

2. ඔලී

ඔලී කියන්නේ ඉගන ගන්න කැමති ළමයෙක් විදියට මම පෙන්නුවේ.. එයා දෙමව්පියන්ගෙන් වෙන් වෙලා හැදෙන ළමයෙක්.. එයාට ඕන එයාගේ අම්මා තාත්තා වගේම ඩොක්ට කෙනෙක් වෙන්න.. හෙතුව මොකක් කියලද හිතුවේ.. මට ඕන උනා එයා මේ ලෝකේ සේරටම වැඩියෙන් දෙමව්පියන්ගෙන් ආදරේ, අවධානය බලාපොරොත්තු වෙන බව පෙන්නන්න.. ඒකයි එයාට ඩොක්ට කෙනෙක් වෙන්න ඕන. ඒකයි එයාට හොදට ඉගන ගන්න ඕන.. ඒකයි එයා කාත් එක්කවත් යාලු නොවෙන්නේ..

එතකොට චිමී.. එයාගේ හොදම යාලුවා.. ප්ලේ බෝයි.. එයාට ආදරෙයි කිව්ව ගමන් එයාට කැමති වෙන්න ඕනද? මෙච්චර කල් කෙල්ලො ගානක් අශ්‍රය කරලා හිතුනු වෙලාවට අතෑරලා දාන චිමී දිගටම ඔලීට විතරක් ආදරේ කරයි කියලා මොකක්ද දෙන සහතිකේ.. එයාගේ දෙමව්පියො එයාව අතෑරියා වගේ චිමීත් කාලෙකදි එයාව අත නොහරියි කියන සහතිකේ..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now