35

3K 377 332
                                    

"No excuses,No more waiting.I want to know who the fucking bastard that dare to touch my tiger cub?"

සර් අන්තිමට අහපු දේත් එක්ක හැමදාම වගේ ඒ ඇත්ත මට විතරක් හංගගන්න පුරුද්ද නිසාද මන්දා මම වෙනද වගේම සර් ගාව ගොලු වුනේ සර්ගේ දැවෙන බැල්ම මගේ මූන පුරා යද්දි.යටි තොල දත් වලින් තදින් හපාගත්ත මම සර්ගේ මූන දිහා නොබලා බිම බලාගත්තේ මගේ තුවාල වෙලා තිබ්බ අත දිහා බලාගෙන.පෝසිලේන් නිසාද මන්දා වීදුරු තරම් ගැඹුරට කැපිලා නැති වුනත් වේදනා වක් දුන්නා.

පහුගිය මාස ගානට මෙහෙම කීපාරක් තුවාල වුනාද.මට හැමතිස්සෙම හිතෙන්නේ මම වැඩිපුර තප්පරයක් හරි සතුටින් හිටියොත් මට මාසක් අඩන්න දෙයක් තමයි ඊලගට වෙන්නේ.සතුට,හිනාව කියන දේ මට උරුම නැද්ද කියලා හිතෙනවා.මගේ අපායක් වගේ වෙච්ච ජීවිතේට සර්ව ඇදලා ඇරන් සර්වත් මේකේ පටලවගත්ත නේද කියලා දැනෙද්දි මට මං ගැන අප්‍රසන්න ගතියක් දැනුනේ.

මල් වාස් කටු, මගේ කකුල් වලින් අත් වලින් ගලන ලේවලින් ආපු මලකඩ ගදත් එක්ක කලින් වෙච්ච සිද්දි දාමය මගේ ඔලුව මැවෙද්දි රංජි කියන මනුස්සයගේ අපුල ස්පර්ශේ මතක් වෙද්දි ඔක්කාරෙට ආපු මට වමනේ යනවත් එක්ක මම සර් ගාවින් අමාරුවෙන් නැගිට්ටත් මට එක පාරටම ඇගේම වමනේ ගියේ මම සර්ව තල්ලු කරන ගමන් නැගිටිද්දි.

ඇගට දැනුන අපහසුවත් එක්කම මම අමාරුවෙන් බිත්තියට වාරුවුනත් ඒ තප්පරෙන් මගේ ගාවට ආව සර් මාව අල්ල ගන්න හැදුවත් මම සර්ව ඇත් කලේ මගේ ඇගපුරාම වමනේ වෙද්දියි.

"සර් මගේ ඇගේ පුරාම වමනේ,එහාට වෙලා ඉන්නකෝ."

"කේතුර්,මට කියලා කුණුහරුප අහගන්න එපා.කෙලින් හිටගන්න පන නැ.කට නම් තියෙනවා."

"මම....බ්ලැක්.....ම්ම්හ්....ක්කක්මල්ල්.."

"කේතුර් ඔයා හොදීන්ද?අපි හොස්පිටල් එකකට යමු දරුවෝ."

මට ආපහු පාරක් වමනෙට එද්දි මම සර්ව තල්ලු කරන්න හැදුවත් සර් මාව උරවටින් අත දාල තදින් වාරු කරන් හිටිය නිසා මට මේ පාර වමනේ ගියේ සර්ගේ ඇගේම වෙද්දි සර්ගේ සූට් එකේ කෝට් එකම මගේ වමනෙන් නැවෙද්දි මගේ අන්තිම පණ බින්දුවත් නැති ගානට මට දැනුනේ.උදේ කැව දේවලුත් වමනට යද්දි මම අමාරුවෙන් සර්ව අතැරලා බිත්තියට හේත්තුවෙලා රූටලා ගිහින් බිම ඉන්දවුනේ සර්ත් මං ගාවින්ම ඉදගද්දි වෙද්දි මගේ ශර්ට් එකට උඩින් පපුව නොරිදෙන ගානට සර් පිරිමදිද්දි මම සර් දිහා බලන් හිටියේ කියාගන්න බැරි හැගීමකින්.

නසරාණියාWhere stories live. Discover now