07

2.7K 361 56
                                    

ඉරිදා අපි දෙන්නටම නිවාඩු උනත් සදුදා කියන්නෙ වැඩ වැඩිම දවසක්.විශේෂ දේවල් කියල මුකුත් සිද්ද නොවුනත් සදුදා කියන්නෙ කොහොමත් කාර්යබහුල දවසක්.ඊයේ රැ ඉස්කෝලෙ යන්නෙ නැ කියල කිව්වත් අපෙ අම්ම එහෙම එක පාරම යන්න දෙන්නෙ නැතුව තියාගන්නෙ නැ.අන්තිමට දහසක් නිදහසට කාරණා කියල තමයි නවතින්න වුනේ.මේකයි මම පොඩි කාලෙ ඉදන්ම හැමදාම ඉස්කෝලෙ යන ලමයෙක්.අපෙ අම්ම ඉස්කෝලේ හෙන බැතිමත්භාවෙන් සලකන්නෙ.ලෙඩක් දුකක් හැදුනත් පොවන්න පුලුවන් ඔක්කොම බෙහෙත් පොවල තමා යවන්නෙ.බඩ එලියෙ යනවනම් පස්සට පොල් මුඩ්ඩක් හරි ගහල යවයි.පොඩි පන්ති වල වගෙ නෙමෙයිනෙ සීයට අසූවක පැමිනීමක් බලන නිසා ලොකු අවුලක් නැ දවසක් දෙකක් නිවාඩු දැම්මහම.අන්තිමට අම්මත් ගියාට පස්සෙ ආයෙත් ඉස්සරහින් පිටිපස්සෙනුයි දොරවල් වහල දාල හොද්දට 9 විතර වෙනකන් නිදාගත්තා.

9 ට ඇහැරලා නාල කරලා පාස් පේපර්ස් පොත් ඇරන් ගනක් වගයක් හදන්න ගත්තේ රේඩියෝ එකත් දාගෙන.මෙහෙමයි රේඩියෝ එකේ ලයිව් දාගෙන නෙමෙයි කැසට් පීස් එකක් දාන් ඇහුවේ.මම ගොඩක්ම ආස සින්දු ටිකක් හර්ශන දිසානයකගේ.කෙනෙක්ට හිතෙන්නෙ පුළුවන් මෙච්චර ලොකු ඉලන්දාරියෙක් වෙලත් ලමා සින්දුද අහන්නෙ කියලා.මොකො අපි ඉලන්දාරි උනේ අම්මගෙන් බඩෙන් ආපු ගමන් යැයි.මම වගේම අද ඔය ලොකුයි කියන හැමෝටම ලමා කාලයක් තිබිලා තිබ්බනේ.දැන් ලමයෙක් නොවුනත් මම විශ්වාස කරනවා දැනටත් හැම මනුස්සයෙක් අස්සෙම හැංගිච්ච පොඩි ලමයෙක් ඉන්නව කියලා.මේ සින්දු මම පුන්චි කාලෙ ඉදනම් අහන කැසට් පීස් එකක්.

අනිත් ලමයින්ට වගේ අම්මයි තාත්තයි දෙන්නත් එක්කම හුරතල් වෙච්ච ලමා කාලයක් මට තිබ්බෙ නැ.මම පුන්චිම කාලෙ හිටියෙ මෙහෙ නෙමෙයි.මාවත් හදන් වැඩත් කරගන්න අමාරු නිසා අපි හිටියෙ ගාල්ලේ අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා.මම එහෙ හිටපු කාලෙ ඒ නැන්දා අම්මගෙම වයසෙ උනාට එයා බැදලා හිටියේ නැ.ඒ හින්දද මන්දා එයා හෙන මට ආදරෙයි.මම අදටත් සමහර නිවාඩු කාලවලට එහෙ යනව නැන්ද බලන්න.නැන්දා පස්සෙ කාලෙක බැන්දත් ලමයි නැ.ලමයි දෙන්නෙක්ම හම්බෙන්න ඉදලත් ඇබෝර්ට් වෙච්ච නිසා ආයෙ ලමයි හදන්න ගිහින් නැ.නැන්දා බැදලා හිටපු කෙනා ලමයි නැ කියල  නැන්දගෙන් අයින් වුනා.ඒ හින්ද දැන්නම් නැන්දා තනියම ඉන්නෙ.මෙහෙ ඇවිත් අපි එක්ක ඉන්න කිව්වත් එහෙ පරිසරේ එක්ක හැදිලද මන්දා ඒකෙන් මිදෙන්න බැරි කමටද මන්දා නිවාඩුවකට ආව මිසක් නවතින්නම් එන්නෙ නැ.මමත් නිවාඩු කාලෙට එහ ගිහින් එන්න යනවා.හරිම ලස්සන පැත්තක්.වැලිගම හරියෙන් ටිකක ඇතුලට යන්න තියෙනවා.වෙලාවකට මුහුද බලන්නත් යනවා.වැලිගම කිව්වට වැලිගමෙනුත් ඇතුලට වෙන්න තියෙන ගමක්.හොදට නටල කරල ආවැහැකි.එහෙම තමයි ඉතින් මගේ පොඩි කාලෙ ගෙවුනේ.තාත්තෙක් සහෝදරයෙක් නැ කියල මොන වෙනසක්ද මට කියලම අම්මාල දෙන්නෙක් හිටියේ.මම දැන් වගේ තමා ඉස්සරත් හෙන විසේ.අපෙ අම්ම හෙන බයයි වැටිලා අඩු කඩා ගනී කියලා.මට හොදටම මතකයි අම්මලත් එක්ක පහල ඇලේ නා ගිහින් පිස්සුවෙන් වගේ වතුරේ නටලා එතන තිබ පාසි බැදපු ගලක ලෙස්සල කොන්ද වැදිල අන්තිමට කකුලත් කඩන් පත්තුවකුත් බැදන් හිටියා.

නසරාණියාWo Geschichten leben. Entdecke jetzt