22

3K 394 481
                                    

නෙලීශයයි චිරායුවයි පවුල් පන්සල් වෙච්ච එකේ සතුට සමරන්න සිකුරාද රැ අපි හැමෝටම නෙලීශයා කලින් පොරොන්දු වෙලා තිබ්බ විදිහටම ඩිනර් ඇරේන්ජ් කලා.අපි ඌට ඒක විහිලුවට කිව්ව දෙයක් වුනත් ඌ ඒක සීරියස්ලිම ඇරන්.අපි කොච්චර එපා කිව්වත් ඌ ඩිනර් ඩේට් එක ඇරේන්ජ් කරල ඉවරයි.නෙලීශයා කොහොමත් හම්බකරනඑකානේ.දැනටත් ඌ බලගන්න කැන්ඩි හොටෙල් එකේ ෆුල් ප්‍රොෆිට් එක ඌට එන්නේ.පවුලේ කිසි කෙනෙක් සතයක්වත් ගන්නේ නැ ඒකෙන්.ඒත් ඉතින් ඔය ලැබෙන ගානටත් ඌ පට්ට මහන්සියක් වෙන්නේ.ඌ මෙහෙ ඉදන් ඔය හැම වැඩේම බැලන්ස් කරන් ඉන්නවා.

නෙලීශගේ පවුලේ අයට ටුවරිස්ට් හොටෙල් චේන් එකක් තමයි තියෙන්නේ.උන්ගේ හොටෙල් චේන් එකේ හොටෙල්ස් කැන්ඩි,කලම්බු,නුවරඑළිය,ඇල්ල,ගාල්ල,අනුරාධපුර වගේ පැති වල තමා තියෙනේ.තනිකරම ටුවරිස්ට් purposes වලට හදපු ignite හොටෙල් චේන් එක ගැන නොදන්න කෙනෙක් නැ.දැනට නම් නෙලීශගේ අයියලා දෙන්නයි තාත්තයි තමයි ඔය හොටෙල්ස් බලාගෙන ඒවගේ වැඩ බැලන්ස් කරන් යන්නේ.ඉස්කෝලෙන් අවුට් වෙච්ච දවසක නෙලීශයට ඔතනින් හොටෙල්ස් තුනක්වත් හම්බවෙයි.මොකද නෙලීශ ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් එයාගේ දෙවෙනි අයියා ආපහු US යන්න ඉන්නේ.එහේ එයාලගේ අලුත් බ්‍රාන්ච් එක ඕපන් කරන්න.එතකොට ඉතින් මෙහේ වැඩි වැඩ කොටසක් නෙලීශයට තමා.කොහොමද බලහල්ලකෝ අපේ චිරායුවා දෙකට ගැනගන්නවත් බැරුව ඉදල පයගහපු අත්ත.අන්තිමට ඌ ඩෝල් කෙනෙක්ට කොචෝක් කරන එක පැත්තකින් තියල ශුගර් ඩැඩියෙක් දාගත්තා.අපිට තමයි පාන් කියාගන්නවත් එකෙක් නැත්තේ.

මම මේ ඇදපැලදගෙන ඉස්තෝප්පුවෙන් වාඩිවෙලා ඉන්නේ අරුන් දෙන්නා එනකන්.අරුන් දෙන්නා කිව්වේ නෙලීශයයි චිරායුවයි.මාව ඩ්‍රොප් කරන්න උන් දෙන්න එනව කිව්ව නිසා මම ඇදගෙන කරගෙන එලියට වෙලා හිටියේ පාර බලාගෙන.මම දොරත් ලොක්කරලා එලියේ ඉස්තෝප්පුවේ පුටුවකින් වාඩි වෙලා හිටියා.අම්ම 7ට ඕෆ් වෙලා එනව කිව්ව නිසා මම වැඩිපුර යතුර අරන් යනවා.නෙලීශගේ හොටෙල් එකේ වැඩක් ගොඩ ගිය නිසා අපිට පාටියක් දෙනව කියල තමයි යන්න ඇහුවේ.නැත්තන් ඌ මෙතන චිරායුව දාගත්ත එකේ සතුට සෙලිබ්‍රේට් කරන්න යනව කිව්වනම් මේන් කියලම යන්න දෙයි.අන්තිමට ලාලනී ඇන්ටිගේ කනටත් ගියොත් එහෙම ලව් එක පටන් ගත්ත තැනම ලොප්.පව් මොක උනත් ඉතින් උන් දෙන්නා හනිමූන් වත් තව ගිය එවුන් නෙමෙයිනේ.නෙලීශයා කටු කාල දාගත්ත කැල්ලට නැන්දම්මාගේ පොලු දැන්ම ඕනේ නැ.ඒ හින්දා අම්මට මම ලස්සන බොරුවක් කියල මම එනකන් නොයිද නිදාගන්න කියල ආවා.නැත්තන් මං දන්නේ නැතැ මම එනකන් බලන් ඉන්නවා කියල අර සෝෆා එකේ දිගැරිලා වැටිලා නිදාගෙන ඊලගට බෙල්ලේ අමාරුවකුත් හදාගන්නවා.

නසරාණියාWhere stories live. Discover now