09

2.5K 373 85
                                    

මේක කොයි වෙලාවෙද මෙතන්ට ආවෙ?

"ඔයා මෙතෙන්ට ඇවිත් මගෙ කාර් එකේ ටයර් එකේ හුලන් යවද්දිම"

"ආහ්"

මූ යකෝ අංජනම්කාරයෙක් ද කොහෙද?

"පිස්සුද සර්?මම මේන් මෙහෙම අර පැත්තෙන් යනකොට මේ සුපිරි වන්ඩිය දැක්ක දිලිහි දිලිහි තියෙනවා.කොහෙද ඉතින් මේ ජාතියෙ බඩු අඩුයිනේ මෙහේ.ආසවටත් එක්ක පොඩ්ඩක් බල බල ඉද්දි තමයි දැක්කෙ මොකෙක් හරි එකෙක් ටයර් එකේ හුලන් යවල කියල.මම මේ ඒක බලන්න හැදුවේ.කෝ මට අහුවුනේ නැනේ යවපු එකාව?"

අනේ පකක්,මම මෙතෙන්ට ආවේ හොදට සර්ච් පාරක් දාල වටේ මොකෙක්වත් නැ කියල නෝට් උනහම.මූ හදන්නේ මගේ කටින්ම මාව මේකට අහුකරන්න.අපි අහුවෙයි ඕවට.

මම කියවන් යද්දි සර් කාරයා බලන් හිටපු විදිහටනම් ගොනා ලණුව කැවා පුතෝ.

"එහෙමද,ඔයා දැන්ද ආවේ?

"ඔව් ,ඇයි සර් හිතුවද මට ගාය කියල වාහනයක් දැක්කහම හුලන් යවන්න තරම්.කොහෙද අපි හොදක් කරත් ඔලුවට අත හෝදන්නනේ බලන්නේ?"

"ම්ම් එහෙමත් නෙමෙයි,ඒත් මේක බලන්නකෝ.මේකෙ ඉන්න කෙනා නිකන් ඔයා වගේ නැද්ද කේතුර්?මම හිතන්නේ කේතූර්ට නිවුන් සහෝදරයෝ නැනේ?"

තාමත් බිම ඉදන් ඉන්න මං ගානට දැනහිස්වලින් නැමිල මගේ ඉස්සරහින් දනිස්වලින් ඉදගෙන අතේ තිබ්බ i13 එකේ ස්ක්‍රීන් එක මගෙ පැත්තට හැරෙව්වා.ටහුඩු මූ යකෝ,මාව වීඩියෝ කරල නේද?ඒත් මම හොදට සර්ච් පාරක් දාලනේ යකෝ මෙතන්ට ලැන්ඩ් කලේ.මූ සී අයිඩි කාරයෙක්ද?සැක් පැහැදිලිවම මගෙ මූන පේන විදිහට සයිඩ් එකෙන් වීඩීයෝ කරල තිබ්බේ.කොහෙද පිටිපස්සෙන් වීඩියෝ කරල තිබ්බනම් ශේප් එකේ මාරුවෙන්න තිබ්බනේ.මේකේ හුලන් යවන සිහියෙන්ම හිටිය නිසා රෙකෝඩ් කරන එකෙක්ව මීටර් උනේ නැනේ.

මූන අපායට හෙන ගහල වගේ කරන් මම පෝන් එකෙන් මූන ඇරන් බලද්දි සර් කාරය ඉන්නවා කට කොනකින් කින්ඩි හිනාවකුත් දාන්.හාහ් හිටපන් අද විතරයි තමුන් හිනාවෙන්නෙ.මම සර්ගේ ගෙට පැනල සර් අතේ ගහනවා හරි පැනි හදේ යනවා හරි වීඩීයෝ කරන එක එක කරනාවාමයි.

නසරාණියාWhere stories live. Discover now