19

2.6K 383 173
                                    

රැට හරියට කැමක් නැතුව මම දැන් පැය ගානක් ඇද උඩට දිගා වෙලා මට පේන අහස දිහා බලාගෙන ඉන්නේ.හවස ගෙදර ආවත් හරි මගේ ඔලුවේ නිදහසක් තිබුනේ නැ.ඔලුව කැක්කුමේ අඩුවක් තිබ්බෙ නැතිවුනත් මම වරුවක් විතරම බාතෲම් එකට රින්ගන් ඇග වතුරෙන් පෙගෙනකන් විතරම නාගත්තේ මට තියෙන හැමදාම නාන ලෙඩේ නිසාමයි.නාල කරල රෑට කැවත් කාල කාමරේට ඇවිත් විනාඩි දහයක් ගියේ නැ රැට කාපුව විතරක් නෙමෙයි අද දවසටම කාපුව ඔක්කොම වගේ මට වමනෙට ගියේ පිරියක් නැතුව බලෙන්ම කැම බඩට දාගත්ත නිසාද කොහෙද.

එහෙන්මම මම ඇදට වැටුනේ වෙනද වගේම උත්තර නැති ප්‍රශ්න වැලක් හිතේ මවා ගෙනා.මේවා කවදා කොහෙන් කෙලවර වේයිද?හිතන්න හිතන්න මට දැනුනේ මගේ ඔලුව පුපුරන්න තරම් වේදනාවක් වෙද්දි අත් දෙකෙන්ම මගේ මුලු මූනම වහගත්ත මම හොද හුස්මක් ගත්තේ ඔලුවට එන විකාර එක විනාඩියකට හරි නවතීවි කියල හිතලා.මූන වහන් ඇස් පියාගත්තහම දැනෙනේ බය වැඩි වෙද්දි මම වහල තියෙන දොර දිහාම බලන් මගේ කබඩ් එකේ උඩම තිබ්බ පෙට්ටිය ගත්තේ කවදත් මගේ හිතේ සුව නිවන දේ ඒකේ තිබ්බ නිසා.

පෙට්ටියේ පොත් ගොඩක් යටට වෙන්න තිබ්බ ඩන්හිල් සිගරට් පෙට්ටියේ ඉතුරු වෙලා තිබ්බ සිගරට් තුන හතරෙන් එකක ගත්ත මම පෙට්ටියෙ තිබ්බ ලයිටර් එකත් ඇරන් ඇද පල්ලේ වාඩි වුනේ ඒක බොන්න  වෙද්දි, ලයිටර් එකෙන් පත්තු වෙච්ච සිගරට් එක මගේ තොල් වලට තියල මම එක පාරක් තදට ඇද්ද.මගේ ආතතියත් එක්ක මට හිමීට සිගරට් බොන පුරුද්දක් නැ.සිගරට් එකෙන් එන මත් ගතියට මම ඇබ්බැහි වෙලා ඉන්නේ.මම දන්නවා ඒ ඇබ්බැහි වීම හොද එකක් නෙමෙයි කියලා.ඒත් ඒ දේට විතරයි මගේ ඔලුවේ මැවෙන විකාර රූප,මගේ ඔලුවේ තියෙන ප්‍රශ්න විනාඩියකට ඇතට එක්කන් යන්න,තප්පරයක් හරි මට සැන්සීමක් දැනෙන්නේ ඒකෙන්.

"ආව්"

ඇගිලි අතරේ රැදිල තිබ්බ සිගරට් එක වෙවුලන ඇගිලි තුඩුවලින් මිදිලා මගේ නිරාවරණය වෙලා තිබ්බ කලවෙට වැටිල පිච්චෙන කොට එහෙම්මම දගලපු නිසා ඒක බිම කොට් එකට වැටිල කොට් එක පිච්චුනත් මම ඉක්මනට එක නිවල දැම්ම.කකුල පිච්චිච්චි තැන කලු පාට වෙලා.එහෙමම මට බැලුනේ මගේ වෙවුලන් අත් දිහා.

නසරාණියාWhere stories live. Discover now