කන ගාවින් ඇහෙන රින්ග්ස් සද්දෙත් එක්ක කොට්ටෙ යටින් අත දාල මම ෆෝන් එක ගන්න හදද්දි කෝලර් අයිඩී එක දැකපු ගමන් මම කෝල් එක මියුට් කරල නැගිටින්න හැදූවත් මාව වෙලාගෙන ඉන්න වලස් තඩියගේ අතයි කන්නාඩි පොලගෙකුගේ කකුල් දෙකයි ගසලා දාල ඇදෙන් නැගිටලා එලියට ගියා.යන ගමන් ඊයෙ රැ නිදාගත්ත ඇද දිහා හැරිල බැලුවා.යකෝ සින්ගල් ඇදක මුන් දෙන්නත් එක්ක නිදාගෙන ඉදල නොමැරී බේරුනා මැදැයි.තඩියගෙ අතකට අහුවුනත් හුස්ම ගහල යන සීන් එකක් තියෙන්නෙ.වර්ශය ගත්තොත් ඌ වෙලාගෙනමයි ඉන්නේ.මම ඉතින් උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙ සවුන්දර වගෙ උන් දෙන්නට සැන්ඩ්විච් වෙලා නිදගත්තා.වෙන වෙලාවක නම් නින්ද නොගියත් ඊයේ රෑ අපි නිදාගන්න යද්දි රැ දොලහත් පහුවෙලා.දවසම ක්ලාස් ගිහින් හවස අර මගුලේ බර්ත් ඩේ පාර්ටියට ගිහින් රැ වෙනම ජවුසමක් නටල හිටපු නිසා ගෙම්බා පොලේ ගැහුව වගේ මට හොදට නින්ද ගිහින් තිබ්බා.කාමරේ දොරත් වහන් එලියට ආපු මම කට් වෙච්ච කෝල් එක ආව නම්බර් එකට කෝල් බැක් කරා.
"හලෝ අම්මා"
"රත්තරනේ ,කොහෙද ලමයෝ ඉන්නේ?"
"අනේ අම්මේ ඊයේ රැ අර පාටිය ඉවර වෙලා කෙලින්ම චිරායුවගෙ ගෙදර අපි කට්ටිය ආව.එද්දි රැ වුන නිසා මට කෝල් එකක්වත් දෙන්න බැරි වුනානේ"
"ඒක මිසක්,මම හොදටම බයවුනා ලමයෝ."
"හරි හරි දැන් බයවෙන්න එපා,අපෙ අනිත් අයත් තාම මෙහේ.මම දවල් වෙලා එන්නම්කෝ."
"ම්ම්,පරිස්සමට පුතේ.ලාලනී අක්කත් නැනේ ගෙදර? කන්න හදාගන්නෙ කොහොමද?"
"ඕන් බලන්නකෝ අම්මගෙ මතකේ හැටි,අම්මට අමතකද අම්මට ඉන්නෙ චෙෆ් පුතෙක් කියලා.ඔයා අනේ දැන් හොද ලමය වගේ නාල කරල නිදාගන්න.ඊයේ නයිට් එකත් කරලනේ ඉන්නේ.මම එනකන් බොරුවට ඇහැරිල ඉන්න එපා.මේ අම්මා එනකොට මොනාහරි ගේන්න ඕනද?"
"අනේ ඔව් පුතේ ,එනකොට මට ඉදි ආප්ප පිටි පැකට් එකක් ගේන්නකෝ."
"හා හා,එච්චරයිනේ"
"ඔව්.පරිස්සමට එන්න.මන් තියනව ."
"හරී,බුදු සරණයි."
VOUS LISEZ
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #1 In Boylove #3 in friendships #1 in stress #42 in Care #3 in stress out of 7.2...