51

2.5K 269 405
                                    

"උබ කියන්නේ කියන්න කියලද?"

"උබ කවදා වෙනකන් ඕක හංගන් ඉන්නද?අනික මම උබ කිව්වා වගේම උබට උගේ විස්තර එව්වා.ඒ එක මගුලකින්වත් අපිට ඌ අල්ලගන්න පොටක් නැ බන්.ඌ තනියම ඉන්න වෙලාවකට තියෙන්නේ ඉස්කෝලේ ඉන්න වෙලාවයි ටියුශන් ඉන්න වෙලාවයි.උගේ තාත්තගේ බොඩිගාර්ඩයෙක් හරි ක්ලාස් එකේ එලියේ ඉන්නවා.හැබැයි තව එක තැනක් තියෙනවා ඌ ටිකක් හරි තනි වෙන.ඒක තමා ක්ලබ් එක."

"ක්ලබ්?"

"හ්ම්ම්.ඒත් ඌ මාස දෙකකින් විතර ක්ලබ් එකට ගිහින් නැ.මොකක් හරි කොස්සක් වෙලා තියෙනවා එතනත්."

"වෙන විදිහක් නැද්ද බන් ඌව අල්ලගන්න?හරියට නිකන් මම ඌට කැමතියි කියලා pretend කරලා ඌව කොටුකරගන්න වගේ."

"ඒක නම් හොදයි.ඌට උබත් ඉන්ටෙරේස්ට් වගේ පෙන්නුවොත් ඌත් ලයින් වෙලා ඒයි.එවෙලෙට උබට ඌව ඩ්‍රන්ක් කරලා හරි උගේ අටමගලේ තියෙන එව්වා ඩිලීට් කරන්න පුලුවන්.ඒකත් බන් ක්ලබ් එකේ තමා කරගන්න වෙන්නේ.නැත්තන් ලොකේශන් එකක් කියලා ඌව ගෙන්නගන්න ඕන.ඒක ටිකක් රිස්කි වගේ.ඒත් උබ හිතනවද ඌ ඕවා ෆොන් එකේ විතරක් තියාගෙන ඉදී කියලා.අනිවා ඌ බැකැප් තියන් ඇත්තේ බන්.අනික බන් අනිත් එවුන් වගේ ඌව උස්සන්නත් ලේසි නැ බන්.උගේ ගාර්ඩ් එකේ හැටියට.ඇමැතියට මරනැ තර්ජන කියලා උගේ තාත්තගේ වගේම උගෙත් ගාර්ඩ් එක මේ දවස්වල වැඩියි බන්."

"ම්ම්.මට තේරෙන්නේ නැ බන් ඌට කොහෙන්ද බන් අයියගෙයි මගෙයි හොටෙල්ස් ෆොටෝස් අහුවුනේ කියලා.අනික එතන ෆොටෝ දෙකක්ම තියෙනවා බන් අයියයි මායි කිස් කරන.ඒකත් බන් මේ කවුරුත් නැති වෙලේ අපි කිස් කරපුව.මූ අතට ගියේ කොහොමද කියලා මට තාම හිතාගන්න බැ."

"ඔතන මොකෙක් හරි හොටෙල් එකේ ඌට උදව් කරනවා.උබට සැක මොකෙක් හරි ඉන්නවද?"

"මේ මගුලේ මම දන්න එකෙක්වත් නැ ඕයි.ඉතින් කාව කියලා සැක කරන්නද?"

"මට තියෙන ලොකුම අවුල ඌ කොහොමද උබලා දෙන්න නතර වෙලා ඉන්න හොටෙල් එක හොයාගත්තේ කියලා.ශුවර් බන් ඌ උබව ෆලෝ කරනව.උගේ පවර් එකත් එක්ක අපිට ලේසි වෙන්නේ නැ මේ වැඩේ.ගැස්සුනොත් ඉවරයි.ලොකු රිස්ක් එකක් තියෙනවා.එහෙම වුනොත් ඌ අතින් ෆොටෝ ලීක් වෙන්න ඉඩ තියෙනවා.මම නම් කියන්නේ අයියට කියපන්.අයියා ගානට වැඩේ බැලන්ස් කරයි."

නසරාණියාWhere stories live. Discover now