28

2.8K 354 400
                                    

සැක් හේශ් උබට නම් බෙට්ටක්වත් හරියට දාගන්න බැ.හත්පොලේ ගාගන්නවා.අම්මපා මාව පොල්පිත්තෙන් කපාගෙනද මන්දා.එක්කෝ අර කලින් තොලගාල බලපු කොක්ටේල් එකට ඒ ටිකට මත් වුනාද මන්දා.Lightweight ඇල්කොහොල් ටොලරන්ස් එකක් තියෙන බව දන්න නිසාම මම ඕඩර් කරේ ඒවගේ ඇල්කොහොල් අඩු ප්‍රසන්ට් එකක් තියෙන ඩ්‍රින්ක් එකක් වෙද්දි ඒකේ රසවත් හරියට බලාගන්නවත් බැරිවුනේ අර අමනුස්ස පරාන තුන නිසා.

මගේ තුන් හිතටවත් හිතුනේ නැ ඒ මනුස්සයෝ තුන් දෙනා අද මෙතනට ඇවිත් තියේ කියලා.මීට අවුරුදු 11 කට කලින් වෙච්ච ඒ දේවල් ඊයේ ආපහු නැවතත් ලියවුනා වගේ හැගීමක් මට දැනෙද්දි මම මගේ අත් දෙකෙන් කලිසම මිරිකගත්තා.මට මාව ආරක්ශා කරගන්න තරම් හයියක් තිබ්බත් සමහර තැන්වලදි ඒ දේ මට තනියම කරගන්න බැරි තැන් තියෙනවා කියලා මට තේරුනා.

අද ඒ මනුස්සයෝ තුන් දෙනාගෙන් මම කොහොම බේරුනත් උන් තුන් දෙනා ආපහු මාව හම්බවුනොත් මාව අල්ලගනීවී.මට තේරෙන්නේ නැත්තේ ඒ මිනිස්සු තුන් දෙනා මෙච්චර අවුරුදු ගානකට පස්සේ මාව හොයාගත්තේ කොහොමද කියලා?මම එදාට වඩා පෙනුමෙනුත් ගොඩක් වෙනස්.ඒත් අතරින් පතර අපේ තාත්තගේ වයිෆ්ගේ නම දේවිකා කියන එක ඒ මිනිස්සුන්ගේ කටින් ඇහුනු එකෙන් මට හිතට ආවේ හොද හැගීමක් නොවේ.

මම මේ දේ සීයා තාත්තට කිව්වත් හොද දෙයක් වෙයි කියල හිතන්න බැ.මොකද ඔය රාජ් වගේම එයත් එක්ක ඉන්න අනිත් දෙන්නත් ඒ පවුලට ගොඩක් කිට්ටු දෙන්නෙක්.ඒ කට්ටියම ඒ පවුලේ බිස්නස් හැඩල් කරන්න සීයාතාත්තට උදව් කරනවා.ඒ තරම් දෙයක් සම්බන්දව ලගින් ආශ්‍රය කරන්න තරම් ඒ මිනිස්සු සීයා තාත්තාට කොච්චර විශ්වාසවන්තද කියන එක ඒකෙන්ම තේරෙනවා මම මොනව කිව්වත් ඒක අවසානෙට නිකන්ම නිකන් පුස්සක් වෙනවා.මම කියන දෙයක් සීයාතාත්තා පිලිගත්ත කියමුකෝ.ඒත් මං හිතන්නේ නැ සීයා තාත්තා ඒ මතේ වැඩි වෙලාවක් ඉදී කියලා.මොකද සීයා තාත්තාගේ මනස වෙනස් කරන්න පුලුවන් තරම් හැකියාවක් ඒ මිනිස්සුන්ට තියෙනවා.

කරන්න පුලුවන් දෙයක් කියල දෙයක් නොපෙනෙ කොට මට දැනුන අසරණකම අනන්තයි.තාත්තක්ගේ ආදරයක් සහෝදරයෙක් ගේ ආදරයක් අහිමි වුන මම පොඩි කාලේ ඉදලම පුරුදු වුනේ පුලුවන් තරම් හැගීම් හිරකරගන්න.මම අකැමැතිම දේ මම ආදරේ කරන මිනිස්සුන්ගේ මූන ඇදෙන අව්‍යාජ හිනාවල් නැතිවෙනවට.

නසරාණියාWhere stories live. Discover now