52

2.4K 226 451
                                    

"අයියේ මම රිපෝර්ට් ටික හෙට ඇවිත් ගන්නම්.ඔයාට මහන්සිත් ඇතිනේ. අපි දැන් ගෙදර යමු.තව පැයක් විතර යයි කිව්වනේ."

"ඇරන්ම යමු.අනික කේතුර් දැන් ගත්තොත් අපිට ඩොක්ටර්ට කියලා චෙක් කරගන්න පුලුවන්.නැත්තන් ආයි අපොයින්‍ට්මන්ට් එකක් වෙනම දාල හෙට එන්න වෙයි.මට මහන්සියක් නැ.ඔයා අම්ම එක්ක ගෙදර යන්න.මම පික්මී එකක් හරි කැබ් එකක් හරි දාල දෙන්නම්"

"ම්ම් එහෙමද?එහෙනම් මෙහෙම කරමු.අම්මව මම ගෙදරට දාල එන්නම්.ඔයා දැන් තනියම බඩු ගන්න යවන්නත් බැනේ.මම ගිහින් ඉක්මනට එන්නම්."

"ඒත් කේතු...."

"නැ නැ.මම එනවා. මොන මගුල් උස්සන් එයිද දන්නේ නැ ඊලගට.අම්මව ගිහින් දාල මම එන්නම්.ඔයා මේකෙන් pay කරලා එන්න අයියේ.මන් pay කරන්නම් කියන්න එපා.කලින් බිල් එකත් ඔයානේ ගෙව්වේ."

"හ්ම්ම්"

අයියා අම්මටයි මටයි දෙන්නටම පික්මී එකක් කතා කරලා අපි දෙන්නව ඒකට දම්මලා ආයේ සමූපකාරේ ඇතුලට ගියා.

"අයියේ මේ....."

"මේ මගෙත් අම්මා කේතුර්.අම්මෙක්ගේ ලෙඩකට දුකකට වියදම් බලන පුරුද්දක් දරුවොන්ට නැනේ.හ්ම්ම්?"

අන්තිම මොහොතේ මම අයියට දුන්න මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකම එයා පික්මී එකට නගින්න ගිය මගේ අත උඩින් තියලා මට ඇහෙන්න විතරක් මට විතරක් කොදුරලා මට හිනාවක් දුන්නේ මාව එයාගේ වචන ගාව ගොලු කරන ගමන්.

හදිස්සියකට ගන්න කියලා මම මැචස් වලින් දිනපු සල්ලි, ගරාජ් එකේ වැඩ කරලා එකතු කරපු සල්ලි වගේම අම්මත් පඩියෙන් කොටසක් හැම මාසෙකම දාල ඉතුරු කරපු සල්ලි වගයක් තියෙන වෙනම බැන්ක් අකවුන්ට් එකක් තියෙනවා.හදිස්සිම වෙලාවක පාවිච්චියට ඒකේ සැලකිය යුතු ගානක් එකතු කරන් තියන් ඉන්නවා.පහුගිය දවස් ටිකේම අම්ම හිටියේ තෙහෙට්ටු ගතියෙන්. බෙහෙත් ගන්න් එකකන් යන්න හැදුවත් එයා වැඩ වැඩ දදා කල් දදා හිටියේ හොස්පිටල් එකේ OPD එකෙන් බෙහෙත් ගන්නම් කියලා කියන ගමන්.

ඔහොම කිය කිය ඉදලා ඊයේ හොස්පිටල් එකේ අම්මත් එක්ක වැඩ කරන ඇන්ටි කෙනෙක් අම්මට ෆේන්ට් වුනා, ඇවිත් යන්න කිව්වහම මට දෙලෝ රත් වුනා.මට ඉක්මනට යාගන්න ස්කූටිය තිබ්බේත් නැ.අම්මා ඒකනේ වැඩට ගියේ.මම මොන සිහියයෙන් බස් එකට නගින්න ගියාද මන්දා.ඉස්සරහ දොරත් හායි ගාල ඇරල දාල සපත්තුත් මාරු කරන් කලබලෙන් ගෙයින් බහින්න හදනකොට තමා දෙයියෝ බලලා වගේ අයියා කෝල් කලේ.අන්තිමට කලබල වෙලා හිටපු මාව එයා සන්සුන් නොකරන්න මම මොනා කරගනීද මන්දා.

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

නසරාණියාWhere stories live. Discover now