02

3.3K 403 181
                                    

හේශ් එයාලගෙ ටේබල් එකට යන්න යද්දි දැක්කෙ එයා කොහොමත් බලාපොරොත්තු නොවිච්ච කෙනෙක්.ඇවිත් හිටපු කෙනා දැක්කහම බාතෲම් එකක් අස්සෙ මෙච්චරවෙලා ගැනියක් එක්ක බස්සපු ස්ට්‍රෙස් මගුල ආයෙත් නැග්ගේ එයාගෙ අත් දෙක සාක්කුව අස්සෙ මිට මෙලවෙද්දි.හිතට ආපු ආවේගෙටත් එක්ක හේශ් එතනට යද්දි ඇවිත් හිටපු කෙනත් එක්ක එතන හිටපු අනිත් සෙට් එකත් හේශ් දිහාට හැරුනේ ඇවිත් හිටපු එවුන්ගෙන් හේශ් මේ වෙලවෙ දකින්න අකැමැතිම කෙනාගෙ අත් චිරායුගෙ කර වටින් ගිහින් ඌව ඇගට තදකරගද්දි.ඒක දැකපු හේශ්ගෙ ඇහ්බැමි රැලි උනත් ඒත් එක්කම එයාගෙ කට කොනට ආපු හිනාවෙ තේරුම ඇවිත් හිටපු කෙනාට තේරෙන්න වෙලාව මදි උනා.

"ආව්,අයිශ් තෝ මොකක්ද යකෝ ඒ කරපු බලු වැඩේ?"

හේශ්ට ඇහක් ගහන ගමන් චිරායු තමන්ගෙ කරවටේ තිබ්බ ආපු කෙනාගෙ අත්ගොබය තමන්ගෙ දත් සෙට් එකෙන්ම අල්ලල හපා කැවෙ,චිරායු වටේ තිබ්බ ග්‍රහනෙ ඉබේටම අත ඇරෙන ගමන් වෙද්දි ඒත් එක්කම ලද අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත චිරායු එතනින් පැනගෙන හේශ් ගාවට ගිහින් උගෙ කරවටේ අත දාගත්තේ ෆිස්ට් බම්ප් එකකුත් දෙනගමන් වෙද්දි හේශගෙ සෙට් එකේම වෙච්ච් අනිත් උන් තුන් දෙනතත් අරුන් දෙන්න ගාවින්ම හිටගත්තෙ වෙන්නෙ මොකක් උනත් රෙඩි පිට ඉන්න ලැස්ති වෙලා වගේ.

"බලු වැඩ කරන එවුන්ට බල්ලොන්ට වගෙ නැතිව වෙන මොන විදිහටද සලකන්න ඕනෙ කියපන් දේව්?උබ කියන බලු කතා අහන් පාඩුවෙ ඉන්නව කියන එකේ තේරුම අපි පොන්නයො කියන එක නෙමෙයි"

චිරායු සද්දෙනුත් එක්ක කියුවෙ හේශ්ගෙ අම්ම ගැන දේව් කලින් කියපු අසික්කිත කතාවට ඌට ගියපු තරහ තාම නැති වෙල නැති නිසා.චිරායුගෙ සද්දෙට කැෆේ එකේ වාඩි වෙලා හිටපු හැමෝමත් එක්කම හැරිල බලනකොට හේශ් හිමිට චිරයුගෙ කරවටෙ තිබ්බ අතෙන් උගෙ උරහිස පිරිමැද්දෙ උගේ දැන් යකා පැන ඉන්න වග දන්න නිසා.ඒත් එක්කම චිරයුගෙ කරෙන් අත ගත්ත හේශ් අත් දෙකම සාක්කුවට දාගෙන දේව් ලගට ගියා.

"එලියට වරෙන්"

එතනින් එහාට තව වචනයක්වත් නොකීව හේශ් එලියට යද්දි උගෙ සෙට් එක වගේම තරහෙන් පුපුර පුපුර හිටපු දේව්කාරයත් එක්ක උගේ සෙට් එකත් කැෆේ එකෙන් එලියට ආව.

නසරාණියාWhere stories live. Discover now