13

2.5K 332 88
                                    

ගෙදරට ගොඩ උන වෙලේ ඉදන් දැන් ඇදට එනකන්ම මහන්සියි මට කියවලම.වෙන මොකුත්ම නෙමෙයි ගෙට ආපු වෙලේ ඉදන්ම අම්ම ඇඩියාවෙන් මම කලන්තේ දාල වැටුනා කියල ඉස්කොලේ.ලොකු අවුලක් නැ කිව්වහම ගුටිත් කැවා.අන්තිමට අම්ම ඊයේ වෙච්ච දේටත් සමාව ඉල්ලල ආයේ නහයෙන් අඩන්න ගත්තා.මම ඒව අමතක කරල දාන කියද්දිත් අම්ම තව තව හයියෙන් ඇඩුවා.මොන අම්ම තාත්තද කැමැති තමන්ගේ දරුවා කන්න නැතුව කලන්තේ දැම්ම කියල අහනවට.අන්තිමට උගුරට එනකන්ම රෑට කවලා මට නින්ද යනකන්ම ඇදගාවට වෙලා ඔලුවත් ත ගැවා.

මම නිදි කියල හිතාගෙන මගේ ගාවට වෙලා අඩද්දි මගේ පපුව කීතු කීතු වලට ඉරනව තරම් වේදනාවක් දැනුනේ.අන්තිමට අම්මා මගෙ ඔලුවත් ඉබල දොරත් අඩවන් කරන් යනකන්ම මම ඇස් තදේට වහගෙන හිටියේ ඇස් කොනින් පයින්න දගලන කදුලු හිරකරගෙන.

ඉස්තාලේ ඇරියම අස්සය පැනලා යනවා වගේ මමත් තද කරන් හිටපු ඇස් ඇරියහම හිර වෙලා තිබ්බ කදුලු ගලන් ගියේ යන්නෙ කොහෙද කියලවත් නොදැන.ලයිට් එකක්වත් දාල නොතිබ්බත් ලාවට හද එලිය නිසා කාමරේ තිබ්බජ නෙල් කවුලු වලින් එලිය කාමරෙට වැටිලා තිබ්බ.

ඊයේ තාත්ත අවේ මාව ලබන මසේ තියෙන සීය තාත්තගේ උපනදිනේට එවන්න කියන්න කියලලු.සීය තාත්ත කියන්නේ අපෙ අම්මගේ මහත්තයගේ තාත්තා,නැත්තම් මගේ තාත්ත කියන එක්කෙනාගේ තාත්තා.තාත්තා අපේ අම්මව බැදල තියෙන්නෙ පවුලේ අයට හොරෙන්.අපෙ අම්ම ඇටෙන්ඩන්ට් කෙනෙක්නෙ.ඒ වුනාට ඇත්තටම අපේ අම්ම දිහා අදටත් පිරිමි බලනවා මම දැකල තියෙනවා.ඒ තරම් අම්ම ලස්සනයි.මම හින්ද නැහිලා ඒ ලස්සන ටිකක් අඩු උනත් අම්ම කියන්නෙ ඉස්සර හරිම ලස්සන කෙනෙක්.තාත්තා අම්මව දැකල තියෙන්න එයා කුරුනැගාල් හොස්පිටල් එකේ එයාගේ වැඩ කරන ඩොක්ටර් යාලුවෙක් බලන්න ආපු කාලේ.මුලින් කතා බහ කරල යාලුවෙලා තිබ්බ සම්බන්දේ දුර දිග ගිහින් කසාදයක් වෙනකන්.ඒත් දෙන්නම ගෙවල්වලට හොරෙන් බැදල ඉදල තියෙන්නෙ.එකට ජීවත් නොවුනත් තාත්තා ඉදල හිටලා අම්මව බලන්න ඇවිත් තියෙනවා.ඔය කාලේ තමයි මාවත් හම්බවෙන්න ඉදලා තියෙන්නේ.

ඒ අස්සේ තාත්තට ගෙදරින් ප්‍රොපෝසල් එකක් ඇවිත් තියනවා තවත් බිස්නස් ෆැමිලි එකකින්.ඒ කාලේම අම්මගෙයි තාත්තගෙයි සම්බන්දේ ගෙවල්වලින් දැනගෙන ඒක නවත්තන්න කියලා.පවුල් දෙකේ බලපැම්වලින් අන්තිමට තාත්තා අම්මව ඩිවෝස් කරලා.අම්ම ලොකු වලව් පරම්පාරවකට උරුම කියන අයලු. තාත්තගෙ පවුලේ අයට තරම සල්ලි භාගේ නැති වුනත් එයාල වලව් මාන්නේ ඔලුවේ තියන් ඉදපු අය.අම්මගෙ පවුලෙන් මාව නැතිකරන්න කියද්දිත් අම්ම බැ කිව්ව නිසා අම්මට අන්තිමට වුනේ ඇදිවතත් එක්ක අට මාසයක් වයස බඩකුත් උස්සන තනියම මහපොලොව එක්ක ගැටිලා මාව හදන්න.අවුරුදු 18ක් අම්ම මම වෙනුවෙන් නොසැහෙන්න දුක් විදිනවා.මම නොදැනුවත්ව කොච්චර ඒ හිත රිදවලා ඇත්ද?

නසරාණියාWhere stories live. Discover now